33.කුමරියේ


සිහිනයේ දුටුව නුඹව
නෙතු මානයේ දුටුව දින
දැණුනි මුළු ලෝකයම
හිමි වුණා සේ මෙමට
සොඳුරු නුඹේ තෙපුල් බස්
සිනා සෙන නුඹේ දෑස්
මතකයේ රැදෙයි හැමවටම
කුමරියේ නුඹෙ නමින්
මසිත පිරි සෙනේහය
කියා නිම කරන්නට
කෙදිනක හැකිවේද මට

සසර සරනා හැම භවේකම
අපේ සිත් එක් සිත් වෙලා
කුමරියේ නුඹ රැදෙන් මා ලඟ
ආදරේ මා හට කියා
(2008)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න