9. පියමන් කල කුමරු



කඳුලු බිංදු පොදි ගැහුණට නෙතු             අද්දර
මට  නොකියම දුර ගියාම ඔබ              තනියම
අපේ සිහින බොඳවි මුත් මගෙ පය         පාමුල
නුඹ හිනැහී ඉන්න ප්‍රියේ හැම               දිනකම

කිරිල්ලියක් විලස මෙමා ආදර බස්       දෙඩුවා
කැදැල්ල ගැන සොදුරැ සිතුම් මගේ හදේ  වුවා
සුරඟනක් ඇවිත්  හදේ හොරෙන් ලැගුම් ගත්දා
කැදැල්ලෙ මා තනි වුවා නුඹ පියමන්      කරලා

පිදු සෙනෙහස අමතක කරලන්න කියා කිවත්
නොලැබෙන බව නුඹ මට මේ භවයේදී කිවත්
මතු සසරෙදි කවදා හෝ මගේම වෙනවා   නම්
ආදර සිත රැකගමි මම නු⁣ඹෙ සෙනෙහස නාමෙන්


(2007)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න