7. සමුගත් මොහොතෙත්





සමු ගන්නට ඔබ සැමගෙන්
මට නොහැකි වුවත්
මං හින්දා නෙත කඳුලක්
ඔබෙ ඉතිරි වුනත්
මගෙ  සෙනෙහෙ මං නැතිදා
ලොවේ තනි වුවත්
අහිතක් නැ මගේ හිතේ
මිතු දම් බිඳුනත්
සැතපෙන්නම් ඕවිට ලඟ
ප්‍රාණය සිඳුණෙන්
සොඳුරු සිතුම් පැතු පැතුමන්
සිත රිදවුවත්
සෙනේ පිරැණු
නු⁣ඔ ⁣⁣⁣උණුහුම මට දුරස් වුණත්
නුහුරු  ලොවේ සුපුරුදු ලෙස
යලි හමුවෙන්නත්
පැතුමක් ඇත මගේ සිතේ
සමුගත්   ⁣මොහොතෙත්

(2011)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න