21. ඔබ නපුරු වුනත්






පුර පෝය දිනය උදුවප්               මාසේ 
හැම නිවුණු හදිනි සතුටින්     හිටියේ 
සිඳු දළ රළ පෙළ රට වෙත     ගැලුවේ
දන මන හැම දෙන ගියෙ පර ලෝකේ


අපි ආස කරපු ලස්සන           වෙරළේ
හිත මිතුරු පිරිස වැලලි          හිටියේ
දන ලොබින් එකතු කළ හැම  දේවල්
මහ මුහුද ඇවිත් අරන්          ගියානේ


ඔබ ඇවිත් ගියත් සුනාමි         විලසේ
මක් කරන්න දැයි සෙලවුණි පොළවේ
ඔබ නපුරු වුනත් සුන්දර         සයුරේ 
අපි තරහ නොවෙමු ඔබ හා   මිතුරේ




(2006)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න