24. සිත් පුරා ආදරය




මසිත ඉකිගසන පාළු නිමේෂය 
අපි ලංවි සිටි සොඳුරු අතීතය
මගෙ මතකය වෙත ගෙන ආවා
දුර සිටවත් ඔබ දෙස බලන⁣ට
දෛවය මා හට දුක දුන්නා 
මගෙ කුමාරා ළඟ දැවටී දැවටී
මුමුණන්නට ආසා හිතුණා
මා අසරණ වී ඔබ අසරණ වී
අප අද දෙතැනක නතර වෙලා

      කයින් දෙතැනක දුරස් වී මුත්
     සිතින් අපි  එක තැනමයි
     සිත් පුරා ගත් ආදරය සදා
     ඔබ මා ජිවත් කරවයි
    දෙවි රැකවරණින් මගෙ කුමරුනෙ
    නුඹ සදා සුරැකි සිටි මැනවි
    ඔබ වෙනුවෙන් දුක් විදින හිතක් 
    ඇති වග හිත් රදවා ගනු මැනවි




(2006-2010)

Comments

  1. First time I touche this prabage think. Wonderfull.love it.no words to say my feeling.love it.great thinking of mind and great writing.realy love it.take care.

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න