Posts

Showing posts with the label දවසේ සිත

ලියුම දුන්නා මම

Image
ගිරිකුල පාමුල සිට  බිය නොවන්න දැක ගිරි හිස  කටු ලඳු දුරු මඟ පසුකොට නගින්න ගිරි මුදුනට බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? ගඟබඩ ඉවුරෙහි සිට බිය නොවන්න දැක ජලකඳ  නගින්න ඔරුකඳ මත පදින්න එගොඩ ඉවුරට බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? දොරක් වැසෙන විට පෙරමඟ  තව දොරක් විවරවෙයි වෙනතක බලන් විවරකර නුවණැස  නොවේද එය ඔබ ඉරණම? මෙයයිඅපට හිමි දිවි මග කෙතරම් කටුකද? කෙතරම් සොඳුරුද? ගොඩක් වෙලාවට මම තීරණ ගත්තේ අනෙක් අයගේ අණ වලට අනෙක් අයගේ තීරණ වලට ගැලපෙන්න. හැබැයි ඒවයින් මට මග හැරුන සමහර දේවල් තිබුනට වරදක්ම වුනා කියලා දෙයක් වෙලා නෑ.අද මම මගේ තීරණයකට මගේ විදියට අවදානමක් ගන්න තීරණය කරලා තියෙන මොහොතක්. හරියන්න හරි වරදින්න හරි මේක කරන්න ඕන කියලා හිත හයිය කර ගත්තා.  හරි හරි මේකටත් කීප දෙනෙක්ගෙන් ඇහුවා. එපා වගේම හා කියන දේත් මැද්දෙන් අන්තිමට මට කැමති මම කැමති තීරණයට ඉඩ දෙන්න ඒ කීප දෙනා කැමති වුනා.  හැබැයි අමාරු දරුණු තීරණ වලදී කතා කරලා උපදෙස් ගන්න , ජීවිතයේදී වගේම රැකියාවේදී හැම වෙලාවෙම හයියක් වුන තවත් කීප දෙන්ක්ට කෝල්...

69. තුලාව

Image
දිනක මැන බැලූ කල ප්‍රේමය  නුඹේ හිත්හි  සගවා ඇතී උරුම මා හට ඉහල තැනකයි  සිතමින ඉරණමේ කව  සපථ කරමින්  ප්‍රේමයේ  බර වැඩිම තැන්  අදත් විදිමින් 

68.නුඹේ අයිතිය

Image
හෙලූ දාබිදු අපමණයි කියන්නට  අයිතිය නුඹට  ගෙවී අවසන්  නැතත් තාමත්  කියන්නට සින්නක්කර හිමිකම නුඹට  නුඹේ අයිතිය  හඩගෑව පමණින් වෙනත් දෑතක නුඹ  වෙලෙන කල  නොදැන මා එක  අවේලාවක කෙලෙහිගුණ නොදත්  නම් ලද නුඹේ හිමිකරු මමයි තවමත්  පරිගණක ණය  හිමිහිමිහිට පියවන...... (2020.05.19)

මම මම ම

Image
හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව..... හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා. ඒවා වෙනස් කරපු නිසා...... දැනුත් වෙන්නේ ඒකමයි. අනෙක් අය දකින හීන මගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන් නම් ගොඩක් පින් රෑ නින්දෙදී දකිනවටත් වඩා රිදෙන හිත හීන දකිනවා......... මම වෙන්න ..... මම ආස මම වෙන්න...... අනේ මටත් ඉඩක් දෙන්න ප්‍රභා...... 2020/04/19

කැන්වස් රෙදි

Image
සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින් අනුන්ගේ කැන්වස් රෙදිවල තමන්ගේ සිහින සිත්‍තමට නගනවා. අන්තිමට එහෙම සිත්තරුන්ට තමන්ගේ සිත්තමත් එක්කම සිහිනත් කැන්වස් රෙද්දේ අයිතිකාරයටම දෙන්න වෙනවා. සිත්තමේ පොඩි හරි පැටලිල්ලක් ‍තිබුනොත්, මම කියන්නේ අමතක වුන පැන්සල් හෝ පින්සල් ඉරක් තිබ්බොත් අර කැන්වස් එකේ අයිතිකෙනා නටන නැටුම දහ අට සන්නියේවත් නැති තරම්.. අනුන්ගේ කැන්වස් රෙදි මගේය මා සිත්තම් කල යුතුමය යන අනවශ්‍ය සිතුවිල්ල නිසාවෙන් අහිමිව යන සිතුවම් පිලිබදව සිහින පිලිබදව හිතෙහි මතුවන වේදනාවෙන්ම තවමත් පින්සල් රටා මවමි. ඉතින් තමන්ගේම කැන්වස් රෙද්දක සිතුවමක් ඇදීමෙහිලා අසීමිත ආසාවෙන් පෙලෙමින් පිඹුරුපත් සදමින්.. #corona2020 #curfewtime #dreams

පෙබරවාරි 24

Image
අද ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා දවසක්. 🙂 අවුරුද්දටම මේ දවස එන්නේ එකම එක පාරක් විතරක් වගේම ජීවිතයට මේ වගේ මතකයන් එකතු කරන දවස් එන්නේත් බොහෝම කලාතුරකින්. හිසේ ඉදන් පාදාන්තයටම කිසිම කොටසක් භාග භාග නොතිබුනු , ජීවිතය හරී සැහැල්ලුවෙන් විදපු, හැම දෙයක්ම හරීයටම තිබුනු, ආදරයෙන් යාවෙලා පේවීලා ඉන්න හිත් දෙකක් සංසාරේ කවද හරි එකට එකතුවෙලා කරපු පාපකර්මයක ගෙවීම් චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න දිනය එදා බව නොදැන දවසට අදාලව කරන්න සැලසුම් කරපු බොහෝ දේවල් පෙලගස්වගෙන ගෙදරින් එලියට බැහැලා අදට මේ අද දවසට හරියටම අවුරුදු දෙකක්.🛵🛵🛵🛵🛵 ඒ අනතුර අදටත් මතක් කරද්දී හිතට ගේන්නේ භයානක හැගීමක් වුනත් දෙන්නාම ශාරීරිකව  තවමත් ප්‍රතිකාර ගන්නවා වුනත් , අදටත් ඉගෙන ගත්ත මම කියන්නේ උගත් පාඩම් කොච්චර වටිනවාද කියනවා නම් බොහොමයක් වෙලාවලට ඒ අනතුරට හේතු වූ  ත්‍රීවීල් රථය පැදපු කෙනා ත්‍රීවීල් කාරයා සිට මහත්මයා දක්වා විවිධාකාර උසස් වීම්ද හිමි කර ගන්නවා..😂😂😂🤷 හරියටම අවුරුදු දෙකක්, 🤷🤷 පෙර ආත්මයන්ගේ කරපු වැරදි පාපකර්මයන්ට ගෙවෙන්න ඕන තරම් බොහෝ දුරට මේ වෙනකොට ගෙවීගෙන යන්න ඇති කියලා හිතන් හිත හදාගෙන ජීවිත...

මගේ තියරිය

Image
මගේ තියරිය වෙනස් එකක් ..  අකැමැති වුනත් කැමැත්තක් ඇති කර ගනිපු රස්සාවක් මට තියෙන එකේ සැලරි එකත් දේව පිහිටෙන් five digits වලින් සෙට් වෙලා එනවා නම් (හරි හරි කැපිලා කෙටිලා ac එකට එනකොට දැනෙන feeling එක අදාලම නැ.හරිය) ශෝ එකට පින් මගේ නැතිව පලක් ඇති පිනක් මම කරනවා නම් අනේ වදින්නම් මගේ බඩකඩිත්තු මටම තියාගන්න කියලා පින් කරන විදිය කියලා දෙන්න එන්නේ නැතිව හිටහන් බං..🙋 අනිත් එක මං ආස දේවල් වලින් අංක එක පොත් .. ඒවා මම ගන්නවා.ගන්නෙත් මගේ සල්ලි වලින් නම් අනේ නාහෙන් අඩන්න එපා.මට ඒ ගනිපු පොත් වලට මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා දෙන අදහස් මට ගේන ෆීලින් එක ...පුහ් ! ඒක තේරුම් ගන්න ඔයාට අමාරුයි මෙයා..කේන්තියක් ඒක ඇස් වලට කදුලු පුරවනම..🤷 අනිත් එක මට කරන්න බැරි පුලුවන් දේවල් ගැන අදහසක් මට තියෙනවා.මට යාන්තම් සැප කියන හැගීම දෙන දෙයක් නම් ඉට්ස් ඕකේ බේබි.මම ඒක ඇක්සෙප්ට් කරන්වා..my car my petrol කියන්න තරම් ලෙවල් එකක් නැතත් මට (ඉස්සරෝම කාලෙනම් ෆුට් බයිසිකල් එකක් තිබ්බා) යන එන ගමන් ගැන ටිකක් විතර ශරීර සෞඛ්‍යය ගැන එහෙම හිතලා මම ගන්න තීරණ ගැන පට්ට ආගියු කරන්න එපා .. සුජීව අයියා වගේ කියුවොත් 'ඔයාට පව් ප...

2❤2❤

Image
ජිවිතය ... අපි එක එක කෙනා ඒක දකින විදිය වෙනස්. කෙනෙක් මේ සසර පුරා කරන ලද මහා අනර්ඝ පිංකම් පලදීමෙන් ලද මේ ජිවිතය විදින අතරම තවකෙක් ඒ ජීවිතය විදවනවා... 😌 දයාන් ලයාන්විතව කියන "විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා " කියන පද පේලිය මේ දවස් ටිකේම මම හිමි හිමින් මුමුණනවා.. ඇයි මේ..   මම මගෙන්ම අහනවා.🤦 මගේ මනස අකීකරු වෙලා.උඩ හිත යටි හිතත් එක්කලා මහා සටනක්...🤺🤺 ඒක තමයි මේ මිමිනෙන ගී පදය මට ගැලපෙන්න තියෙන එකම සාධකය.. යටි හිතේ බොහෝ කලක් තැන්පත් වෙලා හිටපු සිහින..ඒවට සැබෑ වෙන්න ඕන කියලා හිතිලා මේ හදිසියේම.ඒත් යටි හිතට අමතක වෙලා මගේ යුතුකම් වගකීම් හැකියාවන්..උඩු හිත වලිකන්නේ ඒ දේවල් යටිහිතට මතක් කරලා දෙන්න.🙅🤷 ඒත් යටි හිත මේ පාර පැරදෙන්න කැමතිම නැහැ වගෙයි..අනෙක් හැම පාරකදිම වගේ පහුබහින්න සූදානම් නැහැ වගෙයි..ඒ දෙන්නට මම ගැන තීරණය කරන්න ඉඩදීලා මම පැත්තකට වෙනවා..හරි තීරණය අරන් මට කියන්නකෝ.. ඒ අතර මාත් මම ගැන හිතන්න ඕන කියන හැගීමට ඉඩක් වෙන් කරන්න හිතුවා ඉතින් නිදහසේ හිතුවාම හිතෙනවා මට මොනවද අඩු...ඇයි මේ මම දුකින් කියලා.🤷 දකින බලන ඕනම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ...

A/L

Image
මාලිගා  මන්දිර  අහසට උස් වූ කල හිර විය බිත්ති  හතරක් තුලට  අඩ අදුර දුලි වලා මැද දෙකන් පිරවූ  මහා හඩවල් මැද  ඉකී බිදි අතීතයක  නිහඩවම ලැබු ජය  පිරවීය මගේ දිවිය හයියක් වූ අම්මාද  පවුරක් ව මා රැකී නංගීද කදුල සගවා සිනා සී  මා දිරි ගැන්වීය... තවමත් හිත වෙලා ඇති  අතීතයේ අදුරු වලා පට අදත් පසක් කරවිය  බුදු දහම සත්‍ය බව........  2007 O/L ලියන්නට සැරසුන දා සිටම මගේම අය ඇහිරූ මග බාධක ජය ගෙන පසු පස බැලීමේදී දුටු 2019 A/L ප්‍රතිඵලයක් මතය...😭

බලා හිදීම

Image
බලාසිටීම  එය කෙතරම් වෙහෙසකර දැයි විටින් විට ජීවිතයට කියා දෙන්නට තරම් කුරිරු වු සසර ගමනක් ගෙවා ඇවිත් බව පසක් වෙන හැම මොහොතකදිම ....  නුඹ බිය නොමැති බව වදනින් කියා දිරියෙන් හැම දෙයකටම මුහුන දෙන කල ඉතින් කදුලැලි සගවාගෙන ඉමි නුඹට සවියක්ම වී සිටින්නට .... බැදීමක වටිනාකම නොදන්නා බොහෝ හිත් අප හිත් රිදෙව්වද "මං නිසා මේ දේ වුනා නේ " සිතින් වැටෙනා හැම නිමේෂයක දකින්නට ආසම කරන ඒ හිනාවෙන් මුව පුරා ඔයත් ඔය දුක් විදින්නේ මම නිසා නේදැයි අසන නුඹ තමයි මගේ මුලු ලෝකයම. (මා දැස් ඇර නොබැලුවා නම් , සීත සුදු කලාපයේ අතරමං වුනානම් ලොවේ කතා කෙලෙසකද වෙන්නේ කියා මවා ගැනීම පවා අපහසුය මා හට නම්) නිමේෂයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකි බව උගත් පාඩම් අතරට එක් කල ඒ නපුරු තත්පර කිහිපය අපේ ජීවිත වලට කියාදුන් අනේකවිධ පාඩම් අතර තව තවත් ආදරය කිරීමට ඉගෙන ගනිමින්. ආදරය කියන වදන පුරාවට ගැබ් වූ ආදරය ජිවිතය මතින් විදගනිමින්...                අත්වැල් බැදන් එක මග යන්න එන්නෙමි මා නුඹ සමග ❤️,නමුදු FZ මත නම් කිසිම දිනයක යලි නොයන්නෙමි....ත්‍රීවීල් යන මගක 😉 ((201...

60.නුඹ කියනා වදන්

Image
ඉවසීම හුරුය පුරුදුය දුරක හිටි කාලයද  අපමණව මට  හුරුය නමුදු ලං ලංව හිදින  කල මවන මේ දුරස්බව මා බොහෝ සේ  විඩාකරන ලදී නුඹ මෙමට හිමි යැයි  නුඹ කියන වදන් මම අපමණව අදහාගෙනම දරාගමි  නුඹේ ලෝකයෙන්  මැවෙන හැම හිත්තැවුල් හිනාවෙන් මුව සරසාගෙනම ආදරෙන් 

58.වටහා ගැනීම

Image
අත හරින්නට හිතෙන තැන් වල  තදින් අල්ලන් හිටියා හැරයන්නට හිතෙන තැන් වල නොයා නැවතී හිටියා රිදෙන හිත ඉරිතැලෙන හිත ඉවසා දරා හිටියා කදුලු පිරි දෑසින් ලොවක්  දෙස සිනාසී බලා හිටියා ජිවිතය ලියනා කතාවේ අරුත හිතමින් හිටියා දිරිය හිත ඇවැසි බව වටහා ගනිමින් හිටියා

මම මම වීම

Image
හරියටම අදින් දින 587 කට කලින් හිටිය මම ආයෙමත් ම මම විදියට එනවා නම් , නැතිවෙච්චි ගොඩරියක් දේවල්  ආයෙමත් මගේ ජීවිතයට එනවා නම් , මම " plz help me" හරී "plz support me" හරී නොකියා මගේ වැඩ මමම කරගන්නවා නම් , අඩන්න ඕන වෙලාවල හිනාවෙලා හිනාවෙන්න ඕන වෙලාවල උඩ පැනපැන හිනා වෙලා ඉන්නවා නම් , බැහැ නැහැ නොකියා YES I CAN සිතුවිල්ලේ ඉන්නවා නම්, ....................... ඔව් එදා මම ගාව හිටිය මම අද මම ගාව නැහැ..ඒකීට රිදෙන්න ඕන තැන් වලටම රිදුනා..රිදෙන හැම මොහොතකදිම රිද්දවපු අයට රිදේවි කියල  මම හිතන් හැසිරුන විදියට රිදිලා තියෙන්නේ මටමයි... ඒත් මම වෙනස් වෙන්න තීරණය කරා..අද නෙවෙයි ටික දවසක ඉදන්..ඒත් වේදනාවල් දැනෙද්දී ඇගයුමක් නැති වෙද්දී මට අමතකම වෙලා ගියා මම ආයෙමත් මම වෙන්න හිතුවා කියලා .ඒක එක ස්වප්නයක් ,මොහොතක සිතුවිල්ලක් විතරක් වෙලා තියෙද්දි  , මට ඉස්සර හිටපු මාව මතක් කරන්න ඒ හිටපු මගේ වටිනාකම අදට වඩා එදා හුගක් වැඩි බවත් එදා හිටිය මම ආයෙමත් නැවිදින් හිටියොත් මගේ ජීවිතයේ හුගක් පසුතැවීම් සිදු වෙන එක නවත්වන්න බැරි බවත් හිතේ ගැඹුරටම කතාකරලා තේරුම් කරවන්න අද පුලුවන් කම ලැබුනා.. මම මේ ...

50:200

Image
50:200 මේක මාර අනුපාතයක්.. වෙනස සන්සන්දනය කිරීමට වෙහෙස වෙමින්.. 50 න් අඩු කල විට යලිත් එකතු කල යුතු නොවන අතර 200 න් අඩු කිරීම යලි එකතු කල යුතුය .. 50 න් සිදුවන කිසියම් අඩු වීමක් නොගිනිය හැකි තරම් වන අතර 200න් අඩු වන නොගිනිය හැකි තරම් වූ අඩු වීමක් ගැනිය හැකි අගයක් ගන්නේ උපරිමයෙනි... 50 සැදෙන්නේ නෝමල් ගස් වලින් කැඩීමෙන් වන අතර 200 සැදෙන්නේ කප්රුක වැනි විශේෂ ගසක වන බැවින් කැඩිය යුතු නොවේ.. 200මත මෙන්ම 50 මතද  ගතට මෙන්ම හිතටද ඔලු ගෙඩියටද ඇති වෙන වෙහෙස අපමන බව නොතේරුම්කම නිසා මෙන්ම සමහර අලි ඔලු නිසා ද නොපෙනී යාම මහත් පාපයකි.. 50ට වඩා 200 වැදගත් බව අගයානූරූපීවද පුද්ගලානුබද්ධවද 50 මෙන්ම 200 ද අවිවාදයෙන් පිලිගන්නා අතර 200හි අඩුවන අගයන් පිලිබඳ  50 විසින් මහ හුගාක්  හොයන්නේද නැත..එමෙන්ම 200 විසින් 50 බිංදු බවට පත් වීම ගැන නොඅසන අතර එය ප්‍රතිපූර්නය කිරීමද සිදු කරන අවස්ථා ද නැතුවා නොවෙයි . 200න් කල කී දේ කාටවත් නොදැන අතර 50 සීන් එකේ ඉන්නට ගොස් අනාගෙන ඇති බවක් පෙනීයමින් පවතී.. 50 හා 200 අතර වෙනසක් දරුනුවටම මවා පානා එනමුදු තවමත් ඒ අතර ඇත්තේ 150ක වෙ...

57.එනවද මං එක්කා

Image
කියන්නට බොහෝ දේ  තිබුනත් නොකියා ඉන්න  අන් අය හිත රිදේ  යැයි හිතේහිම රදවා ගත්ත  මගේ හිත කියවන්න  පුලුවන් වුනිනම්  නුඹ හට  යම් දිනක  නුඹ ඉකිගසනු ඇත දැරුවේ කොහොමද  යන්න..... හිනැහෙන මුවින්  වදනින් මා නුඹ සනසා මේ හැම දරමි  නුඹ රිදවනු බැරි හින්දා  හිත නොදෙනා බෝ දේ  සිදු වෙන දිනෙකා මේ ඇස් කෙවෙනි  කදුලින් ඔත්පල  වෙන්නා ලොවටම ඕන ලෙස  ඉන්නට නොම දන්නා  මම ආසා මගේ  නිදහස මා සොයලා යන්නට පියඹලා  ඈතට හිනහීලා පෙම්වත  නුඹත් එනවද මේ  මං එක්කා .... 2019.09.14

56.මන්දෝදරිය

Image
දහසක් සීතාවන් ඉදිරියේ  සැලෙනු ඇත  රහත් නොම වු පිරිමි සිත නමුදු  ඒ හිතේ කිදා බැසීමට තරම්  ප්‍රභල විය නම්  පතිනියගේ පෙම අහෝ සීතා පසු බසිනු මැන නුඹට උරුම වු රාම වැනි  පෙමක් වෙත  රාවණා හිමි මන්දෝදරියටම බව දැන.... ඉතිහාසය නොකී මුත්  ඇයයි  ස්වාමිභක්තිකම  පතිනිය මා හිතට එකගව... මන්දෝදරිය නුඹ නම්  ඇදැහිය යුතුමය  දරා සිටියාට මේ තරම්  රාවණාගේ සිතුවිලි  රිදුම් දුන් නමුත් හද ගැබ නිමිත්ත - හංසි ගේ පබැඳුමකි

ගමේ සැටලයිට්

Image
" වැඩකට යනවා ද දැන්? " රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋 " දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා" 😊😊😊😊😊😊😊😊 අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ... ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද??? (මේක වෙලා නම් ටික දවසක් වෙනවා ...😂😂)

කස්ටමර් අන්කල්

Image
⁣කෝ අදත් නැද්ද මිස් ඔයාගේ නිසි බලධාරියා කියා කවුන්ටරයේ අක්කා මිස්ව ඇසු කස්ටමර් අන්කල් වෙතටයි,, එච්චර අනතුරක් වෙලාත් අසනිපෙන් ඉන්න කොටත් හිනාවෙන්ම හිටිය  මිස් , කොච්චර ටෙන්ෂන් වුනත් හිනා වෙලා වැඩේ කරලා දෙන මිස්ගේ මුනේ ඔය ලස්සන හිනාව හැමදාම තියේවා කියා කියු අන්කල්  ඔයාට ස්තුතියි ... අඩන්න බැරිව හිනාවෙන වෙලාවට ලස්සන හිනාවක් එනව ඇති අන්කල් ... ⁣ මුලු ඔලුවම හිරි වැටෙන්න කොන්දෙන් එන වේදනාව දරාගෙන කවුන්ටරයක වැඩකරද්දි හැම ගනුදෙනුවකදිම දෙපාරක් තුන්පාරක් ඇදෙන්න පැද්දෙන්න නැවෙන්න හැරෙන්න ඇඹරෙන්න වෙන කවුන්ටරයක වැඩ කරද්දි අවුට් එකක් වේවි කියලා බයක් හිතේ ඈතක හිරවෙච්ච හැගිමක් වෙලා තියෙද්දි කරන්න තියෙන වැඩ කරන්න ඕන වැඩ ලැයිස්තු ගනන් හිත පුරාවටම වෙලිලා තියෙද්දි මටත් පුදුම හිතුන අන්කල් කියුවා වගේම මං හිනා වෙනවද කියලා.... අමතක වෙලා තිබුන ⁣වෙලාවල් තිබුනත් හිනා වෙන්න මං දැන් හිනා වෙනවා...අන්කල් කස්ටමර් වගේම මං හරි සිරියාවයි කියපු පටස් ගාලා වැඩේ කොරලා දුන්නට ස්තුතියි කියලා මුලු ඔෆිසියම පිස්සු පිකුදු කරපු සියා කස්ටමර්ටත් ස්තුතියි ...(මොකද ඉතින් මට තියෙන්නේ මල යක්ස වර්ෂන් විතරයිනේ ...අනික...

කියා ගන්නට හැකි වුනා නම්

Image
1.මහ පොලව යට මරියානා අගාධය වගේ තැනක ඉදන් හඳට රොකට් යවන්න ට්‍රයි කරන එක හොඳයි .ඒත් පොලව මතුපිටට ඇවිත් ඔය සීන් එකට එන්ටර් වුනා නම් කොස්ට් එකත් අඩුයි.කන කට්ටත් අඩුයි.🤔 2.කාටවත් රිටන් දෙන්න එකම දේ ට්‍රයි කරනවට වඩා පාත් එක වෙනස් කරලා බොකු බඩවැල් ඇඹරිලා යන්න පුලුවන් පට්ටම වෙනසක් කරන එක මං නම් හිතන්නේ ඒකයි වැදගත්කම .නැතිව අරය මෙයා හිත රිද්දුවා කියලා එකම මගුලේ එල්ලිලා ඉන්න එක නෙවෙයි...🤔 3.කොහෙද තිබුනා ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැ කියලා.අන්න ඒක නම් ඇත්ත..මොකද අපේ ජිවිතේ අරකද මේකද කියලා අරයට මෙයාට තිරණ ගන්න දෙන එක දිගටම කරන්න ගියොත් අපිට අපි අමතක වෙනවා🤔 4.මුලින්ම වැඩට යන දවසේ මං කණ්ණාඩියට කියුව දේ (තරහින් අම්මට ඇහෙන්න තමයි) අදත් මට මතක් වුනා..ඉංජියෝ Vs ක්ලාක් 😂😂😂😂 වැරදියට හිතන්න එපා ටාගට් බජට් එකයි ඇචිව් කරපු බජට් එකයි ගැන කතාවක් අප්පා.. මේක මතක් කල කෙනාට කියන්නේ අපිට මේකෙ අවුලක් නැ කියලා තමයි..ඔයාට තියෙන තරම්..හැබැයි ආයෙ එකම සින්දුව පේලේ වුනොත් ⁣, සර් ලාස්ට් චාන්ස් තමයි. 😉😊 5. මං නොදන්න පොස් මිනිස්සු දන්න සමහර දේවල් ගැන මට තියෙන්නේ මාර ⁣දැනුමක් බව තේරෙන කොට...

විදින්න ජිවිතය

Image
ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙන එක..මොනදේ කරත් දුක විතරක් මගේ වෙන එක...පුංචි පුංචි දේවල් මහා ලොකු දේවල් වෙලා හිත පාරන එක...මේ හැගිම් සේරම මහා එපා කරපු ඒවා... ඒ මදිවට ඔයාට හිතුනොත් ඔයාව USE කරනවා කියලා..හිතෙනවා විතරක් නෙවෙයි ඇත්තටම ඒක එහෙම නම් ඇයි තවත් ඔයා ඔහොම ඉන්නේ .. මැරෙන්න හිතෙනවා නම් මේ දේවල් වලින් පැනලා යන්න හිතෙනවා නම් අනේ කොහේ හරි මේ නපුරු අයගෙන් ඈතට ගිහින් ඉන්න හිතෙනවා නම් .... හිතන්න පොඩ්ඩක් .... මේ විදියට හිතෙන අය මේ ලොකේ ගොඩක් ඉන්නවා..බලන්න වටපිට ඔයාගේ ලඟම කෙනෙක්ට වෙන්නත් පුලුවනි ..නැතිනම් මේ හැඟිම් පොදිය තමන්ගෙ කරන් ඉන්නේ ඔයාම වෙන්නත් පුලුවන් .. කරුණාකරලා සැහැල්ලු වෙන්න බලන්න .... සුභවාදිව හිතන්න බලන්න .... තත්ත්වය දරැණුවටම ඔඩු දුවලා නම් මනෝ වෛද්‍ය උපදෙස් ගන්න බලන්න ... ඔයාට ඇත්තටම ආදරේ අය සමීපයේ ඉන්න බලන්න.... රිදවන අයගේ පමණ දැන ලග රැදෙන්න බලන්න ... ඔයා ඔයාටම ආදරේ කරන්න බලන්න...❤ ඒ ආදරේ ඇත්තටම ආදරණියයි ... විදින්න ජිවිතය.. හරිම කෙටියි ..