57.එනවද මං එක්කා


කියන්නට බොහෝ දේ 
තිබුනත්
නොකියා ඉන්න 
අන් අය හිත රිදේ
 යැයි හිතේහිම
රදවා ගත්ත 
මගේ හිත කියවන්න 
පුලුවන් වුනිනම්
 නුඹ හට 
යම් දිනක 
නුඹ ඉකිගසනු ඇත
දැරුවේ කොහොමද 
යන්න.....

හිනැහෙන මුවින් 
වදනින් මා නුඹ සනසා
මේ හැම දරමි 
නුඹ රිදවනු බැරි හින්දා 
හිත නොදෙනා බෝ දේ 
සිදු වෙන දිනෙකා
මේ ඇස් කෙවෙනි 
කදුලින් ඔත්පල 
වෙන්නා

ලොවටම ඕන ලෙස 
ඉන්නට නොම දන්නා 
මම ආසා මගේ 
නිදහස මා සොයලා
යන්නට පියඹලා 
ඈතට හිනහීලා
පෙම්වත 
නුඹත් එනවද මේ 
මං එක්කා ....


2019.09.14


Comments

  1. What is this rubbish

    ReplyDelete
    Replies
    1. නුඹට දරාගත නොහැකි නම් නොබලා ඉන්න
      මේ මං ලියන්නේ
      මගේ සිතුවිලි නේද

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

දෙවෙනි මනමාලි විම

ඇවිත් යන්න එන්න

ගමේ සැටලයිට්

කුෂි

ආදරයේ උල්පත