මගේම විය ඔබ

මේ අවුරුදු එකහමාරටම මේ ඇමතුම මට ආවේ තෙවරකි.
එක පාරක් අක්කා පරිස්සමින් ගියාද අහන්නත් දෙවන වර මගේ ජිවිතේ ආයෙමත් ඉරිතැලිලා ගියබව කියා මගේ ආදරය යලි මගෙ නොවනා වග සනාථ කරන්නත්ය.

මෙවර කතා කරන්නේ ඇයි දැයි සිතා ගත නොහැක .
ඒකත් මේ මහ රාත්‍රියේදිය.
සැලෙන හදින් ඇමතුමට සම්බන්ධ වු මට ඇහුනේ කිරි දරුවෙකු නැලවිමට වෙහෙසෙනා අම්මාගේ හඩය.වෙව්ලන දෑතින් හා සැලෙන සිතින් සිටි මා හට අවසන ඔහුගේ කටහඬ ඇසුණි.
"රේශි ගිහින් අක්කේ.අයියත් කොහේ අතුරුදහන් වෙලාද මන්ද..මේ කිරි සප්පයා අම්මාගෙ උණුහුම හොයද්දි මේ ගැනිට මගුල් විසේ ගැහුවනේ".
නමුත් ඔහුගේ හඬ බිදුණි.
අවසන "ගෙදර එන්න අක්කේ" කියමින් ඇමතුම විසන්ධි විය.

සිත සැලුනි.
නෙතින් ගලායන කදුලැලි නොසලකා දමමින් මා මේ රැයේම මගේ මෝටර් රථය නුවර කොළඹ මාවතේ නිහඩ බව නැතිකරන සුළු වාහන කිහිපය හා මුසු කරේ සිතුවිලි අතිතය හා පැටලෙද්දිය..

අනාථ නිවාසයේ දානමය පිංකමකට ආ අවිනාශ් මා ඔහුත් සමඟ ගෙදර ගෙන යැමට අැවැසි බව කියා පෙරලි කරද්දී ලොකු පුතුගේ ආසාවටත් නිවසට දියණියක් ද ලැබිමේ කාරණාවත් මුල් විමෙන් සති කිහිපයක ලිපි ලේඛන කටයුතු වලින් පසුව මටද ආදරණිය මව්පිය දෙපලක් හා දෙසොහොයුරන් හිමි විය.

නමුත් මට ආදරය ලැබ දිමට ගොස් ඒ අය අනේක විධි දුක් ගැහැට විදි බව මට තේරැම් ගියේ නෑහිත මිතුරන්ගේ සුහද බව පෙන්වු හද පාරන වදන් විවිධ අවස්ථාවන්හිදී මා හිත තලා පෙලා දැමු නිසාවෙනි.
ඒත් අම්මාත් තාත්තාත් මල්ලිත් අයියාත් මගේ හිත කිසිදු විට නොරිද්දවු නිසාවෙන් කාලය හෙමි හෙමින් ගලා ගිය අතර යම් හෝ වෙනසක් වි නම් ඇරඹුම වුයේ එකම පාසලේ අධ්‍යාපනය ලැබු අයියාත් මමත් උසස් පෙල ඉහලින් සමත්ව ඉංජිනේරු පිඨයට තේරුන දවසේය.
අයියා යැයි කියුවද අවිනාශ්  හා මා දෙදෙනාම එකම වයසේ පසුවු අතර නම් නොදන්නා අප අතර වු බැදීම නෑපිරිවරට අනුව පෙමක් යන නමින් හැදින්විය.
මා නිවසට ගෙන ඒම පිලිබඳව දැඩි අකමැත්තක් දැක්වු තාත්තාගේ පවුලේ අය අයියව විදේශ විශ්වවිද්‍යාලයකට ඇතුලත් කිරිමට  තාත්තා කැමති කර ගැනිමට වෙහෙස වුයේ එයින් මා ඔහුගෙන් ඉවත් කර ගත හැකි වෙතැයි සිතුබැවින් විය යුතුය ..
එයට තාත්තා අකමැති වු අතර මා විසින් නාශ් යැයි ආදරයට ඇමතු අයියා හා මා අතර වුයේ පෙමක් දැයි අපි දෙදෙනාවත් දැන නොසිටි බව නම් මා දනිමි.

අවසන ඔවුන් තාත්තාගේ ව්‍යාපාරික මිතුරෙකුගේ දුවක් සරසවියේ අවසන් වසරේදි නාශ්ට යෝජනා කර අතර ඒ වන විට අප අපේ සබඳතාවයට නමක් ලබා දි තිබුනේ ආදරයේ නාමය එක් කරමිනි.

නමුත් ජිවිතය අප පතන හැම දෙයම අපට ලබා නොදෙන බව තේරුම් කරමින් නාශ් හා මාගේ කතාවට නතරවිමේ ලකුණ එක් කලයුතුම විය.
එසේ නොවුණහොත් මා කෘතගුණ නොදන්නා එකියක් වෙන අතර නාශ් මෙන්ම මම ද තාත්තාගේ ව්‍යාපාර කඩාවැටිමේ අඩිතාලම දැමුවන් වෙනු ඇත.

දුක වේදනාව කුඩා කලත් විද ඇති මට මෙය දරා ගත හැකි වුවත් නාශ් මෙය දරා ගැනිමට තරම් දරුණු හිතක් නැති අයෙක් වුනෙන් රැකියාව නිවසට දුරකින් තෝරා ගැනිමට මට සිදුවිය.
නමුත් මා ඉන්නේ කොහේදැයි නාශ්ට දැන ගැනිමට කිසිදු ඉඩකඩක් මා ලබා නොදුන් අතර අම්මා තාත්තාගෙන් ද මම දුරස් වුනේ සිත කැඩි විසිරී ගියහොත් දරා ගැනිමට බැරි බව දැනසිටි බැවිනි.
මල්ලි අයියාගේත් මගෙත් පෙමට ආශිර්වාද කර අපට සහය දුන් එකම කෙනා වු අතර මේ වෙන් විම දරා ගත නොහැකිව කඩා වැටුන නාශ් හා හැම මොහොතකම සිටිමින් සැමටම රහසේ මගේ පරිස්සමද සොයා බැලුවේ පියෙකු ලෙසින්ය.

අවසන මා විසින් නාශ් අතැර ඇතැයි මිතුරු මිතුරියන් අතර රාවයක් පැතිර ගියේ මගේ චරිතය අවජාතක දරුවෙක් ලෙසටම හංවඩු ගසමින්ය.

නමුත් නාශ් මගේ දුරස් විම දරා ගනිමින් දෙමාපියන්ගේ ආසාව ඉටු කරන්නට යෝජිත විවාහයට කැමැත්ත පල කල දින දුරස් වි නුවර පැමින සිටි මම ඇඩුතරම නුවර වැව් දියෙන් ඇසුව හොත් දැනගත හැකිවනු ඇත.

ඇය නමින් රේශි විය.විදේශිය හැසිරීම් හුරැ ඇය නාශ්ගේ දිවියට කිසිදු අයුරකින් නොගැලපෙන බව අම්මාත් තාත්තාත් තේරුම් ගන්නා විට පරක්කු වි ඇති බවත් මා නැති වේදනාවෙන් මත් පැන් පානයට නාශ් පුරැදු වි සිටි ඇසිල්ලක ඇය හා ගත කිරිමෙන් දරුවෙක් කුස දැරුමට සිදුවිම පිලිබඳ ඇගේ ඇති අකමැත්ත තේරුම් යැමෙන්ද අම්මාත් තාත්තාත් බොහෝ සෙයින් මනසින් කඩා වැටි සිටිබවත් මල්ලිගේ කෙටි පනිවිඩ වල සටහන්ව තිබුනි..

කල් ඇවැමෙන් නාශ් පියකු කරමින් දුවක් මෙලොව එලිය දැක තිබුන බව දැන ගත්තද අද මේ දුරකතන ඇමතුම ලැබෙන තාක් මා සිතන් සිටියේ නාශ්ගේ දිවිය ගැහැටක් නැතිව ගලා යනු ඇතැයි කියාය.

ඉතින් ඉක්මන් කරමි නාශ් මගේ ආදරයයි .

හිමි වුවද අහිමි වුවද ඔහු මගේ අයියායි.

ඒ බැඳිමට අද මේ මොහොතේ ඒ නිවසේ රැදිම මට කල හැකිය.පැය හයක ගමන උවමනාව නිසාවෙන් වේගවත් වුයෙන් නිදි නැති නිවසට උදෑසන එලඹිමටත් පලමුව ලංවෙන්නට මට හැකිවිය.

මා සියල්ල හැරදා ගිය පරිදිමය..වෙනස බිලිඳු හඩකින් නිවස දෙවනත් විමත් මා හා දඟකල ඒ සොදුරු ඇස් නිවසේ නොවිමත්ය...
මා දුටු අම්මාගේ නෙත් මෙන්ම තාත්තාගේ නෙතත් කදුලින් තෙමා ගියද කිසිවෙකු කතාවට පෙර මං⁣ නොගත්තේ වදන් සිත් රිදවාවි කියා විය යුතුය.

රේශි ගෙදරින් යන්නම ගොස්ය.වෙනත් කැදැල්ලක් ද කැදැලිදැයි නොදනිත් එය දැන ගත් පසු නිවසේ වු මගේ සේයාරුවක් දෙස බලා සිටි නාශ් පිටව ගොස් ඇත.
සැවොම කලබලයෙන් ඔහු සොයන්නේ ගිය එකි ගියාවේ මෙයා කොහේ ගියාදැයි සිතමිනි.

හිතට ආ අහඹු සිතුවිල්ලකට තාත්තා අපට කුඩා කල සකසා දි තිබු ⁣පියවි ප්‍රමාණයේ සෙල්ලම් නිවසට මා පිය නැගුවේ ඇඩුම නවත්වා මවගේ තුරැලේ මෙන් මා තුරැ⁣ලේ සිටිනා පුංචි නිහන්සාවද තුරුලු කරගෙනමය.
මා සිතුදෙය වැටහි මල්ලිද මා පසු පස ආවේ පොලිසිය වෙත යැමේ අදහස මඳකට පසු කරමින්ය..
මා නිවරදිය.

නාශ් අපේ අතිතයේ නැවති සිටි..

මගේ වෙන්නට ආසා බව කියු අපේ ලෝකය මැවු සෙල්ලම් ගෙය තුල මගේ දේවල් අතර කල්පනාවේ නිගමන්ව සිටින්නේ මුලු ලෝකයම පෙරලා ගෙදර අය ඔහු සොයද්දිය..

ඉතින් ඔහු මා මෙන්ම කුඩා නිහන්සාවද මගේ තුරැලේ දුටු නිමේෂයේ දි අප දෙදෙන නාශ්ගේ උණුසුමේ පහස ලැබුවෙමු..

මට අම්මා තාත්තා මල්ලි ලැබුනාක් මෙන්ම පුංචි නිහන්සා අවිනාශ් තේජා වන අපේ කැලැල්ලේ හුරතලිය වෙමින් ඇතිදැඩි වුයේ හැමදෙනාගේම ආදරය ලබමින්ය..

අහිමි වි ගිය ජිවිතය යලිත් හිමි වුයෙන් මට කදුලට සමුදි හිනැහෙන්නට හැකිවිය මුලු හිතින්ම...




Comments

  1. තේරුම් ගන්න දෙපාරක්ම කියෙව්වා කියන්නකෝ ඉතිං. හරිම ගැඹුරුයි, හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතු..
      වෙනසකට ලියුවෙ..ඔය විදයට ලියවුණු නිසා මටත් හරිම වෙනස් කියලා දැනුණා

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න