"කුෂිනි ඇයි ඔයා මං කියන දේ තේරුම් නොගන්නේ.."
"අනේ දේව් මට ඔයා කියන දේ තේරෙනවා.ඒත් අපි කොහොමද එහෙම කරන්නේ..ඒ ඔයාගේ අම්මායි තාත්තයි..මට බැහැ මේ වෙලාවෙ නම් ඔයාට හා කියන්න.."
"ඒත් කුෂි ..."
"අපිට අපි අයිති නම් කවදහරි අපේ වේවි ඉවසන් ඉදිමු."
ඒ දේව්ගෙයි මගෙයි කතාවේ නැවතිමේ තිතයි.කවම කවරදාකවත් මේ විදියට සමුගන්න වේවි කියලා නොහිතපු අපි අද වෙන්වෙනවා..
ඒත් මගේ දේව් මේ අපේ අන්තිම හමුවිම කියලා නොදැන අම්මලාගෙ කැමැත්ත ගන්න විදිය කල්පනා කරකර ගෙදරට යද්දි මං මගේ හැමදේම අත හැරලා දුරකට යන්න බස් එකට නැග්ගා.
මහනුවර ,දලදා තේවාව ඇහෙන මානයේ මගේ අලුත් නවාතැන .යෙහෙලියෙකගෙ මාර්ගයෙන් මේ ගෙදර මිලට ගත්ත මම ජිවිතේ අලුතින් පටන් ගන්න හිතුවත් දේව්ගෙ මතකයන් මාව හිරි වට්ටලා තිබුනේ.
මාව හොයන්න එපා කියලා ලියපු ලියුම් කොලඹින් තැපැල් කරපු නිසා පොලිසි ගානේ නොයා එයාලාහිත් හදාගන්න ඇති.
හැම දවසකම දලදා හිමි ලග මගේ දේව්ගෙ සතුට ප්‍රර්ථනා කරපු මට ඒ ආදරයෙන් දුරස් විම දරා ගන්න බැරිව ඉකිගසමින් ගෙවපු නිදි නැති රාත්‍රින් අපමණයි.
හදහන් ගලපන මගේ දෙමාපියන් වගේම දේව්ගෙ දෙමාපියනුත් මට තිබුන මාරක අපලය…
Comments
Post a Comment