51. යුගල



යන එන හැම තැනම
මා එක්කලා ලඟ හිටියා
හුසේන් බෝල්ට් හවසට 
අපි පැරදෙව්වා
විශාකා තෝමෝ සේ 
සොඳුරුව ගියෙත් එදා
අපි ලොව හැමට
කැපෙනා යුවලකුත් වුනා
නු⁣ඹෙ පෙම අමතකව
වසරක් ගෙවි ගියා
මගෙ මතක සඟවා 
ගෙන සිටියෙ ඔයා
නුඹ සොයුරියත් මහ
මඟ අමතක කෙරැව මෙමා
ලොව හැමදෙනා 
නුඹ හොඳ නැති බවම කියා
අපෙ පෙම් සිහින බිඳ
ආදරෙ දෙකඩ කලා
හැම බැමි අතැර සිටි 
මා යලි පෙම් කලදා
මගෙ තනියට එන අය
හරි කෙටි හින්දා
ආසයි යලිත් නුඹ හා 
බැදෙනට මෙන් පෙරදා
එනමුදු අස්ථි මට මඟ
අහුරනවා මෙදා
දුකකින් නමුත් නුඹ 
අමතක කරමි සදා


(වෛද්‍ය නිර්දේශය මත අඩි උස පාවහන් පැලදිමෙන් වැලකිම නිසා අඟතියට පත් මාගේ පැරණි සෙරෙප්පු යුවලගෙන්ද අනතුර සිදුවිමේදි දෙපයේ දමා සිට ගිලිහි ගොස් කොහේ කොතනකදැයි නොදන්නා මගේ කෙලිලොල් සෙරෙප්පු යුවලගෙන් ද මම සමා ඉල්ලමි)

2019.01.29

Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න