පලමුව ආරක්ෂාව 01

ම්ම් ඔයාලා ඉතින් ප්‍රභා ගැන දන්නවනේ..මං ගැන තමයි අනේ..

ඇහෙන්න කටක් ඇරලා වචනයක් කතා කරන්නෙ නැ.පොලවට දැනෙන්න ඇවිදින්නෙ නැ.හරිම අහිංසක ශාන්ත දාන්ත තින්ත කුඩුව..😆

හික්ස්...මං එහෙම ඉන්න ඇත්තෙ අපෙ අම්මගෙ හින වල තමයි...මං හරි දඟයි අනේ ඉස්සර..දඟයි කියන්නේ ගස් නගින්න උඩ පනින්න කැගහන්න දුවන්න උපන් හපන්.දැනුයි කියලා ඉතින් ආයි වෙනසක් නැ..😋

හරි හරි මං දැන් කියන්න යන්නේ මගේ මගෝඩි වැඩ ගැන නෙවි අනේ..මං වගේ දඟ සුටි සුටි බබාලා ඉන්න අයගේ ගෙදර අනිවාර්යයෙන් ම තියෙන්න ඕන දෙයක් ගැන.
බබාලා වුනාම එක තැනකට කොටු කරලා තියන්න හොද නැ.එයාලට පුංචි කමට ලොකු වැඩ කරන්න දෙන්න ඔින.හැබැයි ඉතින් අම්මි තාත්ති ගේ ඉදන් නැදැ පරපුරම මෙයාලා කරන වැඩ ගැන ෆුල් ඇලට් එකේ ඉන්න ඔිනිමයි..එහෙම හිටියත් පොඩ්ඩො පොඩ්ඩ මිස් වෙච්චි ගමන් තුවාල කර ගන්න එක නම් අනිවාර්යයි..

පොඩ්ඩෝ විතරක් නෙවි ලොකු අපිටත් කොච්චරක් නම් අනතුරැ, අසනිප වෙනවද එදිනෙදා ගෙදරදි..

අන්න ඒ නිසා අනිවාර්යයෙන් ම අපේ ගෙදර ප්‍රථමාධාර පෙට්ටියක් නැත්නම් Firstaid box එකක් තියෙන්නම ඔීන.ගමන් අරන් යන අත්බැගයටත් පුංචි පසුම්බියක දාලා සමහර පුංචි බෙහෙත් ජාති දාගෙන යන්න පුලුවනි නම් අපි මග තොටේදි වෙන අපහසුතාවයන් ගොඩක් මග හරවා ගන්න පුළුවන්.



එහෙම නම් අපි බලමු ප්‍රථමාධාර පෙට්ටියක් අපේ ගෙදර සාමාජිකයෙක් කර ගන්නේ කොහොමද කියලා.⁣⁣ලස්සනට හැඩ කරලා හදාගත්ත පෙට්ටියක් වැඩේට හරි යනවා..කොල පසුබිමේ සුදු පාටින් කුරුසය තමයි පිලිගත් වර්ණ සංයෝජනය..ඒ වගේම සුදු පසුබිමේ රතු කුරුසය සහිත ප්‍රථමාධාර පෙට්ටිය තමයි ලංකාවෙ අපිට සමිප
හ්ම් දැන් එහෙම නම් බලමු පෙට්ටියේ තියෙන්න ඕන මොනවද කියලා..


01 - වෙලුම් පටි (Bandage) (විවිධ ප්‍රමාණ වලින්)
02 - ත්‍රිකෝණාකාර වෙලුම් පටි
03 - ගෝස් (Gauze) 
04 - පිරිසිදු පුලුන්
05 - ප්ලාස්ටර් 
06 - බෙටඩීන් (Betadine)
07 - සිද්ධාලේප
08 - ආමාශයේ දැවිල්ල සදහා වන නිර්දේශිත පෙති හෝ දියර 
09 - ජිවනි 
10 - පිරිසිදු අත් වැසුම්
11 - පැනඩෝල් / පැරසිටමෝල් 
12 - ළමා පැනඩෝල් සිරප්/ පෙති
13 - සමහන්
14 - පේයාව පැකට්/ පස් පංගුව පැකට්
15 - කතුරක්
16 - ට්විසරයක්
17 - නිවාරන් 90 පැකට්
18 - සර්ව විශාදි තෛලය
19 - සිද්ධර්ථ තෛලය
20 - කුඩා විදුලි පන්දමක්
21 - Hydrogen peroxide බෝතලයක්
22 - උණ කටුවක්
23 - කුඩා ඉටි බැග් කිහිපයක්
24 -  ඩෙටෝල් බෝතලයක්
25 - ග්ලුකෝස් 
26 - පිරිසිදු මුව ආවරණ 
27 - උදරාබාධ වලට පාවිච්චි කරන්න පුළුවන් නිර්දේශිත පෙති/ සිරප්
28 - පිරිටන් පෙති
29 - කොටන් බන්ඩ්
30 - කුඩා සටහන් පොතක් හා පෑනක්
31 - සවිමත් කාඩ්බෝඩ් පතුරු කිහිපයක්
32 - ආය කටු කිහිපයක්
33 - වමනය සදහා ලබා ගන්නා නිර්දේශිත පෙති/ සිරප්
34 - සේලයින් බෝතලයක්
35 - සර්ජිකල් ස්පිරිට් බෝතලයක්


මේ දේවල් ගැන විස්තරත් එක්කම කියන්නම් ඊළඟ සිතුවිල්ලකින්.මේ සිතුවිල්ල දිග වැඩි වෙනවා වගෙයි.😌

ප්‍රභාට හිතුන විදියට ප්‍රභා ලියුවා කියලා පොඩි එකෙක් නැති ගෙදර ළමා පැනඩෝල් සිරප් ගෙනෙත් පිස්සු කරන්න එපා .. 😅

හිතලා බලලා තව දේවලුත් එකතු කරන් ඔයාලත් ප්‍රථමාධාර පෙට්ටිය හදා ගන්න..හදිසියකදි ඉක්මනට ගන්න පුලුවන් විදියට බෙහෙතක් හොයන්න ගම රට පෙරලන්නේ නැති වෙන්න තියා ගන්න හොඳ ද?
ප්‍රථමාධාර පෙට්ටිය සිසිල් වියළි පොඩ්ඩොන්ට අල්ලන්න බැරි  ස්ථානයක තියලා බෙහෙත් වල එහෙම කල් ඉකුත් වන දින ගැන ඇලට් එකෙත් ඉන්න හොඳේ..

තව දෙයක් පුංචි පුංචි ප්‍රථමාධාර ක්‍රම ටිකකුත් හරියට ඉගෙන ගන්න

.ඒ මොකටද? කියලා අහන්නේ ..😒

ඔයා හිතන් නැති වෙලාවල් වලදි තමයි හදිසි අනතුරැ වෙන්නේ..අන්න ඒ වෙලාවකදි දන්න ශිල්ප දාලා ජිවිතයක් බේර ගන්න පුලුවන් වුනොත් ⁣ඔයාට දැනෙන ආත්ම තෘප්තිය ප්‍රභාටවත් හිතා ගන්න බැැ....



(වෙලාවක් කලාවක් තිබුනොත් හදිස්සියකදි පාවිච්චි කරන පුංචි පුංචි ප්‍රථමාධාර ටිකක් ගැනත් කියන්නම් හොදේ..)😊

Comments

  1. එළ! මේ එළ කියන්නේ ඔබ මෙම විෂය සමාජ ගත කරණ්නට ගත් තැතටය!

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න