Posts

10.මිතුරියේ නුඹ

Image
විදු බිමේ නෙතු ගැටුණ දා සිනා ම⁣ල් පෙති විසිරැවා දඟකාර කම් කල එදා අතීතය සිහිනයක් වෙලා මිතුරන් සොයුරියන් විලසට ලංව සිටි අප වෙන් වෙලා අද සොයුරියේ නුඹ කොහේ කොතැනද සිත සොයයි විශ්වයේ හැමතැන කලා සපිරැණු පුරා සඳවත සිහි කරයි මිතුරියේ නුඹ මට නුඹව දකිනට නුඹව අසනට නුඹේ දුක ලඟ කඳුලු සලනට නුඹේ ජය ලඟ සිනා සලනට නැති නමුදු අවසරය අප හට අකුරු ඇමිණු මගේ පද වැල රසඳුනක් නම් නුඹේ දෙනෙතට නිමේෂයකදි හැකි වුනොත් හෙට දෙනවදෝ දුර ඇමතුමක් මට (2006-2010)

9. පියමන් කල කුමරු

Image
කඳුලු බිංදු පොදි ගැහුණට නෙතු             අද්දර මට  නොකියම දුර ගියාම ඔබ              තනියම අපේ සිහින බොඳවි මුත් මගෙ පය         පාමුල නුඹ හිනැහී ඉන්න ප්‍රියේ හැම               දිනකම කිරිල්ලියක් විලස මෙමා ආදර බස්       දෙඩුවා කැදැල්ල ගැන සොදුරැ සිතුම් මගේ හදේ  වුවා සුරඟනක් ඇවිත්  හදේ හොරෙන් ලැගුම් ගත්දා කැදැල්ලෙ මා තනි වුවා නුඹ පියමන්      කරලා පිදු සෙනෙහස අමතක කරලන්න කියා කිවත් නොලැබෙන බව නුඹ මට මේ භවයේදී කිවත් මතු සසරෙදි කවදා හෝ මගේම වෙනවා   නම් ආදර සිත රැකගමි මම නු⁣ඹෙ සෙනෙහස නාමෙන් (2007)

8. හිතේ දරන්

Image
රෑ අහසේ රටා මවන තරැ අතරේ සැඟවීලා මා දුර ඈතක යනදා පොලෝ තලේ මගේ සෙනෙහෙ තුරැලු කරන් ඔය පපුවට කඳුලු බිංදු කොපුල් සිඔිනු දෙන්න එපා මගේ ප්‍රියේ , නුපුරුදු  ලොව සුපුරුදු ලෙස යලි හමු වෙන්නට පැතුමක් පතා දුරට දුරස්ව යමු අපේ සෙනෙහෙ හිතේ දරන් (2011)

7. සමුගත් මොහොතෙත්

Image
සමු ගන්නට ඔබ සැමගෙන් මට නොහැකි වුවත් මං හින්දා නෙත කඳුලක් ඔබෙ ඉතිරි වුනත් මගෙ  සෙනෙහෙ මං නැතිදා ලොවේ තනි වුවත් අහිතක් නැ මගේ හිතේ මිතු දම් බිඳුනත් සැතපෙන්නම් ඕවිට ලඟ ප්‍රාණය සිඳුණෙන් සොඳුරු සිතුම් පැතු පැතුමන් සිත රිදවුවත් සෙනේ පිරැණු නු⁣ඔ ⁣⁣⁣උණුහුම මට දුරස් වුණත් නුහුරු  ලොවේ සුපුරුදු ලෙස යලි හමුවෙන්නත් පැතුමක් ඇත මගේ සිතේ සමුගත්   ⁣මොහොතෙත් (2011)

6.පැතුම

Image
නුඔ සිතනා හැම පැතුමන්        පතන ලෙසට සඵල වෙන්න මුවට නැගෙන සිනා රැල්ල        ජිවිතයට එලිය දෙන්න අද වගේම ආදරයෙන්        හෙටත් මගේ ලග රැදෙන්න පතමි නුඔට හැමදාමත්        දිවියට ආසිරි ලැබෙන්න (2008/10)

5.Beauty

Image
water cool and clear lotus every where burning sun silver moon cooling air  soft shower  murmuring winds flying birds world is so beautiful isn't that wonderful 2001 (පුංචි එකි සන්දියේ ලියවුණු සිතුවිල්ලක්)

4.නුඔයි මගෙ පෙම්වතා

Image
සිහිනයන් සරසනා මතකයට  සොඳුරැ බව ගෙන එනා     නුඔයි මගෙ පෙම්වතා නෙතු කඳුලු පිසලනා මුව සිනා රන්දනා     නුඔයි මගෙ පෙම්වතා පන්හිඳට කව ගෙනා දිවි මගට පහන් එලියක් ගෙනා     නුඔයි මගෙ පෙම්වතා (2006-2010)

3.සදාකාලිකව

Image
නුඔට මා එපා මුත් මට නුඔව ඇවැසි බැව් නුඔ දනි මා සොඳුර නැවදින් නෙතු ඉමට රිදවලා මගේ සිත නුඔ සිතට සතුටු නම් මගෙ නෙතු කදුලැල්ල නුඹට හසරැල්ල නම් මා පිදු  පෙම නාමයෙන් නුඹ සනසාලනු වස් කැප කරන්නෙමි මම මගේ සොඳුරැ දිවිය සදාකාලිකවම (2006-2010)

2.මතකය

Image
මතකයි ද එදා අපි සිනාසුණු හැටි දඟකාර විහිලු වදන් දෙඇස් කදුලු පිරවු හැටි අත්වැල් බැදන් අපි දඟකම් කරපු හැටි හදවත් බැදේ යැයි කිසිදින නොසිතු හැටි (2006-2010)

1.ආදර නෙතු කැල්ම

Image
 සඳ කුමරිය වන්නම් මා තරැ තනි වු රැ අහසේ පුදසුනකදි පුද දෙන්නම් බුදු පාමුල නාමල් සේ මගේ ලොවේ දෙවි සමවු ඔබේ දෙපා යුග හමුවේ වැලපෙන්නම් යදින ගමන් ඔබේ ආදර නෙතු කැල්මේ (2006-2010)