කුෂි

"කුෂිනි ඇයි ඔයා මං කියන දේ තේරුම් නොගන්නේ.."

"අනේ දේව් මට ඔයා කියන දේ තේරෙනවා.ඒත් අපි කොහොමද එහෙම කරන්නේ..ඒ ඔයාගේ අම්මායි තාත්තයි..මට බැහැ මේ වෙලාවෙ නම් ඔයාට හා කියන්න.."

"ඒත් කුෂි ..."

"අපිට අපි අයිති නම් කවදහරි අපේ වේවි ඉවසන් ඉදිමු."

ඒ දේව්ගෙයි මගෙයි කතාවේ නැවතිමේ තිතයි.කවම කවරදාකවත් මේ විදියට සමුගන්න වේවි කියලා නොහිතපු අපි ⁣අද වෙන්වෙනවා..

ඒත් මගේ දේව් මේ අපේ අන්තිම හමුවිම කියලා නොදැන අම්මලාගෙ කැමැත්ත ගන්න විදිය කල්පනා කරකර ගෙදරට යද්දි මං මගේ හැමදේම අත හැරලා දුරකට යන්න බස් එකට නැග්ගා.

මහනුවර ,දලදා තේවාව ඇහෙන මානයේ මගේ අලුත් නවාතැන .⁣යෙහෙලියෙකගෙ මාර්ගයෙන් මේ ගෙදර මිලට ගත්ත මම ජිවිතේ අලුතින් පටන් ගන්න හිතුවත් දේව්ගෙ මතකයන් මාව හිරි වට්ටලා තිබුනේ.
මාව හොයන්න එපා කියලා ලියපු ලියුම් කොලඹින් තැපැල් කරපු නිසා පොලිසි ගානේ නොයා එයාලාහිත් හදාගන්න ඇති.

හැම දවසකම දලදා හිමි ලග මගේ දේව්ගෙ සතුට ප්‍රර්ථනා කරපු මට ඒ ආද⁣රයෙන් දුරස් විම දරා ගන්න බැරිව ඉකිගසමින් ගෙවපු නිදි නැති රාත්‍රින් අපමණයි.

හදහන් ගලපන මගේ දෙමාපියන් වගේම දේව්ගෙ දෙමාපියනුත් මට තිබුන මාරක අපලය මේ නිසා ගෙවි යාවි හිතන්න ඇති.
ඇත්විම මරණයට වඩා දරුණු වේදනාවක් බව එයාලට නොතේරුනාට තනිවුන මට ඒක හොදට දැනුනා .

දේව් ගැන නොසිතා ඉන්න ඕන නිසා පුංචියට පෙර පාසලක් පටන් ගත්තා මගේ නවාතැනේම මං ඉතිරි කරලා තිබුන මුදල් පාවිච්චි කරලා.ආසාවට ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ⁣වුනා වගේම පොඩි පැටව් එක්ක ඉන්න කොට කාලෙ යනවා දැනුනෙම නැහැ.

කාලය ගත වුනා.නුවර අහස යට ජිවිතය හොයන්න පටන් අරන් දැන් අවුරුදු පහක්.ඒත් හිතේ අහිමි වෙච්චි ජිවිතේ දේව්ගේ ආදරේ පෙරලි කරනවා තාමත්.මැරෙන තුරාම ඒක එහෙම්මමයි..

එදා දේව් දාලා එද්දි ගල් කර ගනිපු හිත අද ⁣උදේ ඉදන් මොනවටදෝ හෙලවිලා වගෙයි.

දේව් ගැන දැන ගනිපු දේවල් මට කියන්න මෙච්චර දවසක් මගේ යෙහෙලිය අනිශාට ඉඩනොදිපු නිසාත් මුහුනුපොතට වගේම මාව හොයා ගන්න පුලුවන් හැම විදියක්ම අවහිර කරලා තනිවෙලා හිටපු නිසාත් මං මගේ දේව් ගැන කිසිදෙයක් දැනන් හිටියෙ නැහැ..

හිතේ අකිකරු කම ඉවසන්න බැරි කමට දලදාව වදින්න යන්න අනිශාවත් ලැස්ති කරගත්තේ ඒකිගෙන් බැනුම් අහ අහ මේ උදේම හැදුන කුලප්පුව මොකක්ද කියලා.

මාලිගාව ලගට ගියත් නිවෙන මගේ හිත දලදා සමිදු වැන්දට පස්සේ සන්සුන් වුනාට අනිශා නම් මොකක් හරි අවුලක කියලා දැනුනට එකිට තියෙන ලපටි ප්‍රශ්න වලට මං ගාව ව්සදුම් නැති නිසා මං අහන්න ගියේ නැ.

ඇයි ඉතින් හැමදාම වගේ අහන්නේ දේව් ගැන දැන ගන්න ඕනි නැද්ද කුෂි කියලනේ.
දැනගන්න ආසායි ඒත් දරා ගන්න අමාරුයි .ඒ නිසා ඉවසනවා..

මහ හුඟක් වෙලා දලදා සමිදු ලඟ ඉන්න ආවට මගේ අකිකරු හිත පහලට යන්න බල කරද්දි අනිශායි මායි පඩිපෙල බහින්න හදද්දිම තමයි දැක්කේ පුංචි සුරංගනාවියක් වටපිට බලබලා අඩන්න ලැස්ති වෙනවා කියලා.

කෝ මෙයාගෙ අම්මා තාත්තා කියලා හිතහිත එතෙනට යද්දි ඒ පොඩි සුරංගනාවි දුවන් ඇවිත් අම්මි කියලා මගේ ඇඟේ එල්ලුනේ..කෙල්ලව වට කරන් හිටි අය එහා මෙහා වුනත් මගේ නොසැලකිල්ල ගැන මුමුන මුමුන මං හිටියෙ ගැස්සුන හිතින්..

පොඩ්ඩෝ එක්ක කොච්චර කාලෙ ගෙව්වත් අම්මි කියලා උම්මා දෙන මේ පොඩ්ඩිත්ති කවුද කියලා තාම හිතා ගන්න බැ මට..

"මෙයාගෙ අම්මිත් ඔයා වගේ ඇති කුෂි ..අපි බලමු බබාගෙ ගෙදර අය හොයා ගන්න.."
අනිශා එහෙම කියුවත්
බෙල්ල බදාගෙන මගේ උනුසුමේ ඉන්න මේ පොඩ්ඩිත්ති ගැන හිතේ ආදරයක් දැනෙද්දි මං පඩිපෙල බැස්සේ මාලිගාවේ පහලට එන්න.

පඩිපෙල පාමුල ඉදලා අපි දිහාට යොමුවුන ඒ ඇස් දකිද්දි මගෙ මුලු ඇගම සිතල වුනේ මගේ අතේ හිටිය පොඩ්ඩිත්ති "තාත්ති" කියලා ඒ දිහාවට අත් දික්කරද්දියි.

"අනේ දලදා හාමුදුරැවනේ;

මගේ දේව්"

අවුරුදු හතරක කෙලි පැංචියෙක්ගේ තාත්තෙක්.ආයේ කවදාවත් මගේ නොවෙන්නම ඈතට ගිහින්.

මාරක අපල නිසා මැරෙන්න වුනානම් මිට වඩා හොඳයි .

මං පොඩ්ඩිත්තිවත් වඩාගෙන පහලට බැස්ස විදිය මට මතක නැති වුනාට දේව්ගෙ අත්වලට පොඩ්ඩිත්ති වගේම මාවත් හිරවෙද්දි මට දැනුන ලෝභකමක්.
ඒත් හිමි නැති පෙමකට ඉකිබිඳ හඩන්නවත් දැන් වරම් නැ කියලා දැනෙද්දි මං දේව් ගෙන් හෙමිහිට ඇත් වුනා.

ඒත් එදා වගේම අදත් මාව අතඇර ගන්න අකමැති බව පෙන්නුව මුහුනෙන් දේව් මගේ නනලත සිපගත්තේ මාලිගාව කියලා බලන්නේ නැතුව..

"මැට්ටියේ දෝනි අම්මිව අදුන ගත්ත එකේ අම්මිට තාත්ති ගාව ඉන්න දැන් බැරිද..මේ අපේ දෝනි කුෂි..."

එහෙම කියපු දේව් මාව තවත් තදින් වැලඳ ගත්තේ ආයෙනම් මොන ග්‍රහයෙක් ආවත් යන්න දෙන්නේ නැ කියමිනුයි...

පැත්තකට වෙලා අපි දිහා බලන් හිටපු අනිශායි දේව්ගෙ මල්ලියයි නිසා මේ හමුව අහම්බයක් නෙවෙයි කියලා දැනුනත් මගේ නවාතැනට ගියාම දකින්න ලැබුනෙ පැය දෙකකින් විතර එහෙම් පිටින් මඟුල් ගෙයක සිරිය ගනිපු තැනක්..

ගෙදරට ගෙන්නලා තිබුන රෙජිස්ට්‍රාර්තුමිය ලඟ පොතේ අත්සන් කරපු මට දේව්ගෙ මනමාලි වෙන්න පුලුවන් වුනා වගේම දේව් මං එයාව දාලා ආපු දවස වල ඉදලා අනාථ නිවාසයකින්  භාරගනිපු පුංචි අහිංසාගේ අම්මියාවෙන්නත් පුලුවන් වුනා...

ලස්සන පවුලක් ආයෙමත් මටත් හිමි වුනා.
අම්මලා තාත්තලාගේ ආදරෙත් අපිට ලැබෙද්දි අහිංසාගේ තනියට පුංචි තනුරත් මගේ කුසින් බිහි වෙච්චි නිසා  මගේ මුළු ජිවිතයම ලස්සන වුනා..




අදටත් දලදා තේවාව ඇහෙන දුරින් දේව්ගෙයි මගෙයි පුංචි ගෙදර ආදරේ පිරි ඉතිරිලා යද්දි ඇත අහසේ ග්‍රහවස්තු අපි දිහා බලන් ඇති..
ඒත් අහිමි වුන අවුරුදු පහට හරියන්න ආයෙ නම් ඒ දිහා හැරිලවත් නොබලන්න මාත් දේව්ත් තිරණය කරලා තිබුන නිසා කරදර අපිව අමතක කරලා වෙන අය හොයන් ගිහින් තිබුනා ...


පලි:
කේන්දරය බලන්න.අපල ඇත්නම් පිලිවෙත් කරන්න.ඒත් ඇබ්බැහි නොවෙන්න.
ජිවිතය කර්මානුරෑපිව ගලා යනු ඇත..😉

Comments

  1. හරි ලස්සනයි ❤️❤️

    ReplyDelete
  2. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න