Z අගය

2011 ලංකාවෙම කතාවෙන උසස් පෙල ප්‍රතිඵල නිකුත් කරපු තවත් එක අවුරැද්දක් .දෙසැම්බර් 25 මහ රෑ නිකුත් කරපු ප්‍රතිඵල එදා ඉදලා කිපවරක්ම Z අගය ගනනය කිරිමේ ⁣දෝශයක් කියලා වෙනස් වුනා..

විෂය නිර්දේශ දෙකක් නිසා තමයි මට මතක විදිහට නම් ඔය ගැටලුව අැතිවුනේ.
අනේ ඇත්තට මට මතකම නැනේ කී පාරක් වෙනස් වුනාද කියලා.😆
උසාවි ගිය, මානව හිමිකම් කඩවෙලා කියලා සාධාරණයක් ඉල්ලපු අපිට සරසවිය දුරක බව පෙනුනා..

විස්වාස කරන්න, ගණිත අංශයෙන් විභාගෙ ලියපු මම ගාලු දිස්ත්‍රික්කයේ 37 කියුවම මුල් ප්‍රතිඵල නිකුතුවෙන්..අම්මෝ මං නම් මහ රෑම කියුවා re correction plz කියලා.. මොකද මගේ ප්‍රතිඵල හොඳ වුනාට සරසවිය මටත් හිමි තැනක් වුනාට rank එකක් දාන්න මං පට්ට meter එකක් නෙවෙයි අප්පා.(මටත් එක්ක මගෙ කොලු ව ඒක කරානේ 😊 )

කොහොම හරි Z අගය නිසා උද්ඝෝෂණයකට යන්නත් පුලුවන් වුනා මට.ගාල්ලෙ තිබුනේ..එක හරිම ශෝක් වැඩේ..බෝඩ් උස්සන් කෑ ගැහුවා.පෙලපාලි ගියා.සරසවියට ගියා නම් ඕක ඉතින් නතිං..එ්ත් මං ගියාද සරසවි ..නෑනේ.

ටික ටික දවස් ගෙවෙනවා.අර කෝස් මේ කෝස් කර කර දැන් ගෙදර..ඔන්න ඉතින් සරසවිය සිහිනයක් වේගෙන එනකොට ගැසට් එක බලන්න, දන්න කියන අය මාර්ගයෙන් විවිධ රැකියා අවස්ථා ගැන හොයන්න.ගණිත අංශයෙන් හදාරන්න පුළුවන් උසස් අධ්‍යාපන අවස්ථාවන් ගැන බලන්න.කැම්පස් පොත පුරවලා යවන්න.ඔය දේවල් වලට තමයි කාලය ගත වුනේ..

දෙ⁣වෙනි පාර විභාගය කරලා ඉදපු මං තුන්වෙනි පාරත් කරන්න පන්ති යන්න පටන් ගත්තා. සති දෙකයි ගියේ බැම කියලා හිතුනා.මාස හයක් මං රජයේ බැංකුවක පුහුණුවකට ගියා.අර සරසවි යන්න කලින් අයට දෙන්නේ..

දෙයියනේ කියලා ,මේ දවස් වල මං එක එක මඟුල් මට කරන්න පුලුවන් ද කියලා බැලුවා.හැබැයි උයන්න නම් පුලුවන් ද බැලුවේ නැ. එ්ත් එහෙම කරා නම් මං මේ වෙනකොට ලංකාවෙ හොද හෝටලයක  ප්‍රධාන කෝකියා වෙන්න තිබුනා...

දවස් ගෙවුනා.Z අකුර ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර නිසා ⁣බේරැනා..එච්චරටම එපා වෙලා හිටියේ.

ඔන්න දවසක ලියුම් බෙදන පියුම් අයියා ලියුමක් ගෙනාවා.එදා ඉදලා දිගට හරහට ලියුම් එනවා.(පියුම් අයියාට නිකන් මට ලියුමක් ගෙනත් දෙන්නේ නැතිව බැ වගේ).😜
අර අයදුම්පත් යවපු හැම මඟුලින්ම ලියුම් එනවා.. බදවා ගැනිමේ තරඟ විභාග, සම්මුඛ පරික්ෂණ , එකි මෙකි නොකි දේවල් කියලා. අ⁣පේ ගෙදර අයත් මාව අරන් අරෙහෙ යනවා මෙහේ යනවා.

ටික දවසකින් මේ ගියපු ඒවගේ ප්‍රතිඵල එනවා..මට තිබුනේ මං කැමති එක තෝර න්න.(ඇත්තටම මං කැමති එකද ගෙදරින් කියපු එක තේරැවද කියලා වෙනමම සිතුවිල්ලකින් කියන්නම්කෝ)
අන්තිමට Z ටයි ඒ දවස්වල උසස් අධ්‍යාපන ඇමති වුන S B මාමිටයි  පින්සිද්ධ වෙන්න අවුරැදු දෙකකට කිට්ටු වෙන්න ගෙදර හිටපු සරසවියට , රැකියාවලට ගියා. මාත් ඉතින් දෙයියනේ කියලා මට හම්බුන රස්සාවට ගියා සරසවිය අමතක කරලා.මෝඩ වැඩක් තමයි.. 😠

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න