ලෙඩ බැලිම

අම්මෝ,,,ලෙඩ වෙලාම බලන්න ඕන ඒකෙ තියෙන රඟ. ලෙඩ්ඩු බලන්න එන යන අය ගැන මට ඇති වුන සිතුවිලි අතර තියෙන්නෙ කියා ගන්න බැරි ලියා ගන්න සිතා ගන්න බැරි සිතුවිලි.

මාස දෙකයි දවස් ගානක් ලෙඩ වෙලා ගෙවිලත් අද වගේ සුපිරිම ලෙඩ්ඩු බලන අය අාවෙ නැ අප්පා..

යකඩෝ..මාර සද්දයක් ඒ අංකල්ගෙ තියෙන්නේ. කතා කරන්න පටන් ගත්තාම මං ඉන්න නංගියාගේ කාමරේ සිවිලිම කැ⁣ඩෙයි කියලා බයේ මං හිටියේ (ඇයි දෙයියනේ කැඩිලා තියෙන ඇට ඉතිරි ටිකත් කැඩුනොත් වගෙම, මේ කාමරෙන් මගෙ කාමරයට මාරැවක් මට බුදු ෂුවර් සිවිලිමට මොනවා හරි වුනොත් ).

දන්නේ නැ මෙච්චර දෙයක් වෙලා කියලා..ඇයි අර වෙද මහත්තයා (ප්‍රසිද්ධ කෙනෙක්ගෙ නමක් කියලා) ගාවට අරන් නොගියේ ..ඇයි අරෙහෙම නොකරේ මෙහෙම  නොකරෙ .. අම්මෝ මට වෙදකම් කරන වෙද මහත්තයා ගැනත් කියවනවා..දන්නවා වගේ.සේරම ටික අහන් හිටියා මාත් අර ආගන්තුක සත්කාරද මොනවද තියෙන නිසා...ඇයි ඉතින් මෙයා අපේ තාත්තිගෙ මිත්‍රයෙක් නිසා.

ඔන්න ඉතින් තවත් කියවනවා නෝනෙයි මෙයයි දෙන්න එක්කම නොමිලේ පල කරපු වෙළඳ දැන්විමක් වගේ.දැන් ඇති හොදටම මේක කියලා හිතුන නිසා මං  බොහොම සාමකාමිව මගෙ අදහස් පල කරන්න පටන් ගත්තා .යාන්තං කියන්න පටන් ගන්න කොටම අන්කල් මාමිට මතක් වුනානේ මගෙ කාම⁣රෙන් එලියට යන දොරකුත් තියෙනවා කියලා..ඇන්ටියත් හිමිහිට එයා පස්සේ ඇදුනෙ ඔය ලස්සන⁣ට..

වැරදියට හිතන්න එපා..මං බැන්නෙ නැ අප්පා..මං කියුවා මං උන්නු තත්ත්වයයි දැන් තත්ත්වයයි ගැන.නොදැන කතා කරලා එයාලා මාව තව ටිකෙන් පිස්සු වට්ටනවා.

තව ටිකකින් කාමරයට ආපු අම්මා කියාපි
"අපේ  ලොකු දෝණිට ඉවසන්නත් පුළුවනිනේ"
කියලා..

ඔන්න ඔහොමයි  උදේ ඉදං එනකල්  බලන් ඉදපු අමුත්තන්ට මං සැලකුවේ .. කැතයි ද මන්දා


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න