ධනාත්මක විම



ලස්සන දවසක්.උදේම මුහුනු පො⁣තේ සැරිසැරැවේ කම්මැලිකම නිසා.මොකද ජිවිතේ අපහසුම දවස් ගත කරද්දී පුරැදු දේවල් වල යෙදෙන්න බැරිව අඩුම තරමෙ තමන්ගෙ දෙයක් වත් කර ගන්න බැරිව ,කකුල් දෙකෙන් හිට ගන්න බැරිව ඉන්න කොට මුහුනු පොතයි මගේ පොත් ගුලේ කතා පොත් ටිකයි නිදි දෙව් දුවයි එකතු වෙලා මගේ දවස නිකම්ම ගෙවලා දුන්නා..

ටිං ටිං ..... ලියාපදිංචි තැපැලෙන් ආවා පාර්සලේ දැක්කම මගේ සතුට ඉහවහා ගියා..තාත්තා අත්සන් කරලා එ්ක මට දුන්නම කඩලා බලපු මම මුලින්ම කලේ එ්ක නහයට ලං කරලා අලුත් පොත් වලින් එන සුවද විදපු එක.. පොත් මට අත්සන සහිතව එවන්න කාරැණික වුන කතෘතුමාට ස්තුති කරපු මං ඒ පොත් වල ජායාරූපයක් මුහුනු පොතේ පල කරෙ අලුත් පොතක් ගත්තාම එහෙම කරන්න මං පුරුදු වෙලා හිටපු නිසයි...

පොත් ගැන කෙසේ වෙතත් මත් ගැන කතා කරන සංවාදයක් ඔය අතර මගේ පොත් එකතුවෙ ජායාරූප යටින් මිතුරන් කිප දෙනෙක් පටන් ගත්තෙ මට විහිලු කරමින්....
කොහොම වුනත් ඇස් රතු වෙන විහිලු නොකරන මේ කෙනෙක් එක්ක මං පනිවි⁣ඩ හුවමාරුව හරහා පනිවිඩ යවද්දි එයා කියපු දෙයක් නිසා ඇයි මට බැරි ...කියලා හිතන්න මාව පෙලඹුනා.

ඔහු කියුවෙ නිකන් ඉන්න එකේ blog සටහන් ලියන්න කියලා..මටත් කැමැත්තක් තිබුනත් මං කිසිම දෙයක් එ් ගැන දැනන් හිටියෙ නැ..මං ඒ ගැන දන්නේ නැ කියද්දි ඔහු මට හිනා වුනා..ඒ වගෙ අයව ඔහුට පෙන්වන්න බැරි බව වාගේම මම කිසි දෙයක් නොදන්න බබෙක් කියන අදහස නොකිය කියුවා..මං හැම වෙලාවෙම ඍණාත්මකව බලන මෝඩියෙක් කියලා කියපු එක මට හරිම දරැණුවට දැනුනා..මං එහෙම වෙනවා කියන්නෙ මගෙ ජිවිතේ මට හැමදාම හයියක් වෙන මගේ අම්මාට වාගේම මගේ ආදරයටත් මං අපහාසයක් කරනවා කියන එක.

නැ 
මං එහෙම නැ...
මට පුලුවන් 
මං ඉගෙන ගන්නවා

ස්තුතියි මට හිතන්න දෙයක් කියුවට යාලුවා.
මිල කරන්න බැරි අදහසක් ගැන කියුවට,

මං ඇත්තටම දන්නේ නැ තවමත් මං ලියන්නේ ඕන මොනවද කියලා..මෙහෙම ද ලියන්නේ කියලාවත්. මං  හිතුව මං ගැන ලියන්න..එහෙම නම් මං පටන් ගන්නවා මං ගැන, මගේ ජිවිතය ගැන, මට මගේ ජිවිතේදි හම්බ වුන අය ගැන ලියන්න..

සමහර විට ඒ ඔයා ගැන වෙන්න පුලුවන්....


24.04.2018







Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න