අපි දෙන්නා එක වගෙයි ලු..මටත් ඇහිලා තියෙනවා අපි වටේ ඉන්න අය එහෙම කතා වෙනවා...එක හරි.අයියයි නංගියි වගේ තමයි.(මාර අයියලා නංගිලා) දහම් පාසලේදි , ටියුෂන් පංතියෙදි ,ඉස්කූල් වැන් එකේදි , සිසු සැරිය බස් එකේදි, අපි එකට හිටියා..හැබැයි අපි හරිම හරි හොද යාලුවො..වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම...රණ්ඩු නොවුණු දවසක් නැති තරම්.එච්චරටම යාලුකම.. දවසක අපි අපි ගැන හිතුවා .එදා හරි ලස්සනයි ..මගෙ ජිවිතේට මට හම්බ වුන හොදම යාලුවා මට එයාත් එක්ක ජිවිතේ දකින්න අවස්ථාව දුන්නා...මගේ හා කියන වචනයට පුලුවන් වුනා අපේ ජිවිත ලස්සන කරන්න . අනන්තවත් ප්‍රශ්න ආවා.එනවා..ඒත් ඒවට මුහුන දෙන්න ඔයා මාව ශක්තිමත් කරා.මිනිස්සු කතා කියුවා, කතා හැදුවා. ඒවා අපිට නවත්වන්න බැ. ඒත් දවසක අපි දිනනවා කියන අධිෂ්ඨානය අපේ හිතේ හරි හරියට තියෙන නිසා අපි කඩා වැටුනෙ නැ..(අදටත් අපි හරි චණ්ඩි ,,නොන්ඩි ගැහුවට) එකට ඉස්කෝලේ ගියා.(ඉස්කෝල දෙකක කියලා අපි සැලුනෙ නැ)පන්ති ගියා.දහම් පාසලේ හොදම ලමයි විදියට නායක පදවි දැරැවා..(විශ්වාස කරන්න බැ වගෙයිද ;-) )විභාග ලියුවා.සුපිරියටම සමත් වුනා..අපි අපේ ඉලක්ක වලට හෙමිහිට ලංවුනා.දෙමාපියන් අපි එක්ක හැමදාමත් ව...