Posts

66. අසනු මිතුරේ

Image
දරා ගන්නට කියා දුන් අය දුරස් වී වග දැනෙනදා යකා වෙස් ගෙන වන්නම්  නටන්නත් එපා වීලා සිටිනදා හිතේ දුක නුඹ දැක්කේ  නසරානියක් ලෙස මෙදා ඇහේ කදුලැලි කියන්නේ  නුඹ කොහේ හිරවී ඇතිවදා කිරිල්ලියකට කැදැල්ලක් ඕනෑම යැයි කියු එදා අහන්නට අමතකම වූයේ  නුඹේ පෙම වේදැයි සදා ලොවක් ඉදිරියේ වනම් කියලා නුඹට පතිනිය වූවදා හීන කදු කදු නාය යනවා මතක අමතක වී මෙදා ඉසිඹුවක් ලද හොතින්  නුඹේ දෑසට ගැටෙන දා අසනු මිතුරේ මගේ පැතුමන් අපේ කර ගැනුමට බදා (2020.04.21)

මම මම ම

Image
හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව..... හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා. ඒවා වෙනස් කරපු නිසා...... දැනුත් වෙන්නේ ඒකමයි. අනෙක් අය දකින හීන මගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන් නම් ගොඩක් පින් රෑ නින්දෙදී දකිනවටත් වඩා රිදෙන හිත හීන දකිනවා......... මම වෙන්න ..... මම ආස මම වෙන්න...... අනේ මටත් ඉඩක් දෙන්න ප්‍රභා...... 2020/04/19

පෙම්බැදි ඉතිහාසය

Image
අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ පරිසමාප්තියෙන්ම යකා බකා ලෙස හිතේ මැවී තිබූ කාලයකි. ඉතින් රාවණා යකාට ගිය අතර ඉන්දියානු මෙගා ටෙලියක නලුවා සුපිරි වීරයා වෙන්නා සේම රාමා පොර විය. ඒත් උපන් රටේ විරුවා බල්ලට දැමීම ලේ ධාතුව විසින් පිලිනොගත්තේ හෙලයා යනු අභීත අයෙක් නිසා විය යුතුය. අතට අහුවෙන රාමා රාවණා සීතා ලක්ශ්මණා ගැන ලියවූ ලිපි තැන නොතැන නොබලා වචනයකවත් මග හැර නොගෙන කියවන්නට පෙලඹුනේ වාල්මිකී කොලේ වසා ගසා ඇතැයි ලපටියට වැටහුනු නිසාවෙනි. ඉතින් ටිකෙන් ටික හෙල මහා විරුවා කවුරුන්ද යන වග මෙන්ම එතුමා  සමග බැදී පවතින්නාවූ අතීත වර්තමාන හා අනාගත කාලයන් පිලිබදව තතු බොහෝමයක් දැනුම් ගබඩාවට ඇතුලත් විය. ආචාර්ය මිරැන්ඩෝ අබේසේකරයන් වැනි ඉතිහාස  ගවේෂකයන් ,භද්‍රජි මහේන්ද්‍රයන් වැනි රචකයන් විසින් පුස්තකාරූඩ කරවූ තොරතුරු මත පදනම්ව මා මනසේ මැවූ රාවණයන් යනු තුන් කල් දැකි මහා පුරුසයෙකි.වෙදදුරෙකි.රටකට පිනට පහල විය යුතුම රජෙකි.අහස කුස හා සක්වලම ජයගත් නිපැයුම්කරුවෙකි. ක්ශනික තීරණයක ප්‍රතිඵලයක් ලෙස ල...

ෆීලින් මං වටිනවා

Image
ජිවිතේ අපිට සමහර වෙලාවල් එනවා කාටවත්ම අපිව වටින්නේ නැහැ ඇයි මම ජීවත් වෙන්නේ කියලා හිතෙන.අන්තෙටම කලකිරුනු එහෙම වෙලාවක මැරෙන්න හිතෙන්න වුනත් පුලුවනි.මම ඒ හැගීම විදලා තීනවා. ඒත් අද මේ ඇදිරිනීති වෙලාවෙත් අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ මූල්‍යමය අත්‍යවශ්‍යතා සපයන්න අත්‍යවශ්‍ය සේවාවකට අදාල සේවකයෙක් විදියට රැකියාවට ගිහින් ඇවිත් විශබීජ නැත්තටම නැතිවෙන්න පිරිසිදුවීම් කරලා ගෙදරට ආව මට (සනීපෙන් ඔව් හෙන ෆිට් කියලා පෙන්වන කිහිප දෙනෙක් මං එක්ක ජීවත්වෙනවා.වකුගඩු රෝගයක් , පිලිකාවකින් බැටකාපු දෙන්නෙක් මෙහේ ඉන්නවා.මාස කීපයකට කලින් ඔපරේශන් එකක් කරපු හබියෙකුත් ඉන්නවා,තව දියවැඩියාව උඩවැඩියාව කරගනිපු දෙන්නෙකුයි පට්ට සනීපෙන් කියල ඉන්න පිනි බිදක් වැදුනත් හචොස් ගාන ඩබලකුත් ඉන්නවා) හිතුනෙම ආයෙනම් මැරෙන්න හිතුනොත් මේ භයානක කාලේ ගැන මතක් කරලා බලනවා කියලා තමයි..ගැලරියේ තියෙන ෆොටෝ ටික ආයේම පීරනවා. අවුරුදු විස්සකට විතර කලින් මැරුන අයගේ පොත් ලකුනු කරන්න එන , රජයෙන් කියපු ණය සහන අහන්න ඇවිත් අපේ අම්මා අප්පා මතක් කරන අය ඉන්න රටක කොරෝනා කියන්නේ තවමත් වැඩ නොපෙන්වපු කෙරුම් කාරයෙක් කියලා තේරුම් ගන්න තරමට මොලේ තියන මිනිස්සුත් ඉද...

අසල්වැසියා

Image
කොරෝනා නිසා ඉරට කලින් වැඩට යන ඉරට පස්සේ ගෙදර එන විකාර ජීවන රටාව මග හැරුන අතරම අත්‍යවශ්‍ය සේවා රාජකාරියෙන් දින දෙකක විරාමයක්ද ලැබුනි. මේ කාලය අතර තුර සොයා ගත් දේවල් වලට අතේ දුරටත් අඩුවෙන් පිහිටා තිබෙන නිවෙස් වල ජීවීන් ඉන්නා බවත් එකී ජීවීන් මා මෙන්ම පණ ඇති අය බවද එකතු වේ.  එහා ගෙදර අක්කාට කඩේ වසා දමා ලමයින්ට පාඩම් කියාදීමට වෙලාවක් ඇති බවත් එකී පොඩි අය ඩබලට රණ්ඩු නොවී ෆිට් එකේ සෙල්ලම් කිරීමටද හැකි බව සොයා ගන්නට ලැබූ අනිත් දේවල් ය. මේ දවස් වල මේ පොඩි ඩබල මා වැඩ ඇරී එන තුරු බලා සිටින්නේ දවසේ විස්තර බැල්කනියෙන් එබී මා හට රස කර කර කියන්නටය.. පසුගිය දවසක ලොකු බබාගේ උපන් දිනයට බැල්කනිය මත සිට සුභ පතන්නෙද කේක් පුරවාපු තසිමක් ලැබෙන්නේද ජනේලය හරහාය. මේ අලකලංචි කාලේ මොනවාම හරි කරගන්නට උපන් හපන් මාව ගරුඩ පැත්තෑයෙක් විසින් කිස් කිරීමේ සොදුරු වේදනාව දරුනුවටම දැනෙන අතරම පොඩි ඩබලගේ ආච්චි විසින් විස නසන්නට හැකි යැයි කියා බැදි හාල් කැද සාදා ජනේල් හුවමාරුවෙන් ලබා දෙන ලදී.  හදවතට දැනුනුයේ අපට කෙතරම් දේවල් මග හැරී ඇද්දැයි කියාය.වසරකට කිට්ටු කාලයක් මෙම නිවසේ සිටි මට මේ සති කිහිපය හුගක් දේ කියාද...

65. අවසන

Image
වාවන්නට පුලුවනි නම්  සිතකට තවත් එපමක්ටම වාවා ඇත මා මේ දුකත් ජීවිතයට කදුල මෙමට හුරු වුනත් දෙතොලතරට ආ හිනාව  මහ මෙරක් නිම් නොමැතිව ගැයුවත්  මා පෙම් කවක් ඉරිතැලුවේ කවුරුද එහි නෑ සැකක් හැගුමන් උතුරා දැනෙනා  මොහොතක වුවත් ගල් හිත් නැත සුමුදු වෙන්නේ යලි යලිත් 2020.03.29

ආදරේ කතන්දරේ

Image
මුලින්ම දැක්ක දවස අරවා මේවා මොකකවත් මට මතක නම් නැහැ.හැබැයි ජීවිතයේ හිටපු හොදම හොද යාලුවා තමයි එයා.එකම ගමේ වුන නෑකමකුත් තියෙන එකම school van එකක ඉස්කෝල නම් දෙකකට ගියපු අපි දෙන්නාගෙන් මට නම් පිරිමි යාලුවෙක් හිටිය එකෙන් පරිස්සමක් වගේම අලකලංචිත් අඩු නැතිව වුනා. අපි සම්බන්ධයක් පටන් ගන්නත් කලින් අපේ අම්මගේ තාත්තාගේ සුභ සෙතම හිතපු CCTV ඇන්ටිලා අන්කල්ලා වැඩියෙන්ම නෑයෝ කියන සමහර වේයෝ,අපිව කසාද බන්දලාත් තිබුනේ අම්මලාගේ කනේ අපි යාලුවෙන්නත් කලින්ම යාලුයි කියන hot news එක තියලා.ඇත්තටම නිකන් බැනුම් අහන එක එපා වෙලා වෙන්න ඇති අපි වරදක් කරලාම බැනුම් අහන්න හිතන්න ඇත්තේ. ගුරුවරියක් වුන මගේ අම්මගේ අමතර පන්තියට වගේම OL එකම විශයන් කරපු අපිට ගොඩරියක් අමතර පන්ති තිබුනේම අපේ ගෙදර.මීට හරියටම අවුරුදු 14කට කලින් ගනන් පන්තියේ දි ලියන්න පෑනක් නැතිව ඉන්න කොට මට ලියන්න පෑනක් මෙයා දුන්නා .එදා හරියටම වැලන්ටයින් දවස.මතකද ෂාරුක් රගපු ඇඩ් එකක් තිබුනා පෑනක් ගැන "සදහටම ඔබ මගේ"කියලා කියවෙන.ඒක තමයි මෙයා මට දීපු පෑන .ලියලා ඉවර වෙල දෙන්න හැඩුවත් ඔයාට කියලා ගෙදර ගියපු මනුස්සයා තවත් දවසකට පස්සේ ඒ කියන්නේ ආදර මාසේ 16...

කැන්වස් රෙදි

Image
සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින් අනුන්ගේ කැන්වස් රෙදිවල තමන්ගේ සිහින සිත්‍තමට නගනවා. අන්තිමට එහෙම සිත්තරුන්ට තමන්ගේ සිත්තමත් එක්කම සිහිනත් කැන්වස් රෙද්දේ අයිතිකාරයටම දෙන්න වෙනවා. සිත්තමේ පොඩි හරි පැටලිල්ලක් ‍තිබුනොත්, මම කියන්නේ අමතක වුන පැන්සල් හෝ පින්සල් ඉරක් තිබ්බොත් අර කැන්වස් එකේ අයිතිකෙනා නටන නැටුම දහ අට සන්නියේවත් නැති තරම්.. අනුන්ගේ කැන්වස් රෙදි මගේය මා සිත්තම් කල යුතුමය යන අනවශ්‍ය සිතුවිල්ල නිසාවෙන් අහිමිව යන සිතුවම් පිලිබදව සිහින පිලිබදව හිතෙහි මතුවන වේදනාවෙන්ම තවමත් පින්සල් රටා මවමි. ඉතින් තමන්ගේම කැන්වස් රෙද්දක සිතුවමක් ඇදීමෙහිලා අසීමිත ආසාවෙන් පෙලෙමින් පිඹුරුපත් සදමින්.. #corona2020 #curfewtime #dreams

64.හීන

Image
‌දකින විට හිනයක් හිනා මල් පෙති පිපෙන කදුල මට අත වනා කරනු ඔච්චම් කොහොම...... ‌

පෙබරවාරි 24

Image
අද ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා දවසක්. 🙂 අවුරුද්දටම මේ දවස එන්නේ එකම එක පාරක් විතරක් වගේම ජීවිතයට මේ වගේ මතකයන් එකතු කරන දවස් එන්නේත් බොහෝම කලාතුරකින්. හිසේ ඉදන් පාදාන්තයටම කිසිම කොටසක් භාග භාග නොතිබුනු , ජීවිතය හරී සැහැල්ලුවෙන් විදපු, හැම දෙයක්ම හරීයටම තිබුනු, ආදරයෙන් යාවෙලා පේවීලා ඉන්න හිත් දෙකක් සංසාරේ කවද හරි එකට එකතුවෙලා කරපු පාපකර්මයක ගෙවීම් චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න දිනය එදා බව නොදැන දවසට අදාලව කරන්න සැලසුම් කරපු බොහෝ දේවල් පෙලගස්වගෙන ගෙදරින් එලියට බැහැලා අදට මේ අද දවසට හරියටම අවුරුදු දෙකක්.🛵🛵🛵🛵🛵 ඒ අනතුර අදටත් මතක් කරද්දී හිතට ගේන්නේ භයානක හැගීමක් වුනත් දෙන්නාම ශාරීරිකව  තවමත් ප්‍රතිකාර ගන්නවා වුනත් , අදටත් ඉගෙන ගත්ත මම කියන්නේ උගත් පාඩම් කොච්චර වටිනවාද කියනවා නම් බොහොමයක් වෙලාවලට ඒ අනතුරට හේතු වූ  ත්‍රීවීල් රථය පැදපු කෙනා ත්‍රීවීල් කාරයා සිට මහත්මයා දක්වා විවිධාකාර උසස් වීම්ද හිමි කර ගන්නවා..😂😂😂🤷 හරියටම අවුරුදු දෙකක්, 🤷🤷 පෙර ආත්මයන්ගේ කරපු වැරදි පාපකර්මයන්ට ගෙවෙන්න ඕන තරම් බොහෝ දුරට මේ වෙනකොට ගෙවීගෙන යන්න ඇති කියලා හිතන් හිත හදාගෙන ජීවිත...