Posts

ඉල්ලීම

Image
ජිව්තය ලස්සනම ලස්සනයි කියලා මම හිතුවට ඒක ඒ තරමට ලස්සන නැති බව තේරුම් ගන්න මට මේ තරම් වෙලා යන්නේ ඇයි ද මන්දා ... මට කොහේදි හරි වැරදුනා.ආයේ ආයේ මම ඒ වැරද්දම කරනවා කියල හිත කියන කියන පාරක් ගානෙම මම හිතටත් තරවටු කරලා ඒ වැරද්දම කරා.. මම හිතුවේ හැම වැරද්දක්ම මගෙයි කියලා. මොකක් ද කියලා කියන්න නොදන්න මහ ලොකු බැදීමක් මම මගෙයි ඔයාගෙයි අතර තිනවා කියලා හිතන් හිටියට ඒක එහෙම නෙවෙයි කියලා ඔයා මට නොකියා කියපු බව අතීතයේ මතක අතර සරන මේ වගේ වෙලා වලට මතක් වෙද්දී ඇස් වල කදුලු පිරෙනවා.. ඔව් ඔයා මගේ ආදරේ.. මගේ පන.. පන වගේ ආදරය කරන මට ඔයා රිද්දන්නේ කාලෙන් කාලෙට.. අනේ මං දන්නේ නැහැ.මම ඔයාට මොන වරදක් කරලා ද කියලා . ඔයාට නිදහස මම නොදි ඉදලා තියෙනවද? සමහර දේවල් එපා කියලා කියනවා.ඒත් ඒ කියන්නේ ඔයාගේම හොදට .ඔයාගේ පරිස්සමට .අන්තිමට ඔයාටම තේරුම් යනව ඇයි මම එපා කියුවේ කියලා. ලෝකේන්ම ඔයා නිසා බැනුම් අහන්න මට පුලුවන් වුන වෙලාවල් තිබුනා.ඔයාත් රිද්දන මගේ හිත ඔයාගේ සමහර මෝඩ වැඩ නිසා ලෝකයේ මිනිස්සුත් රිදුවා...ඉවසුවා ඉවසුවා ..වාවා ගන්නම බැහැ රත්තරං .. සමහරු අපි පතාගෙන ආවා කියලා කියන කොට ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න හැම...

54.අතහැර යන්නට

Image
සමුගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද දරා ගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද හිතක් පපුවක් නැති බව දැනුනද මෙමට නුඹ ගැන ඉවසා ඉන්නෙමි තවත් සත් වසකට වඩා කලක් නුඹට බැදි ප්‍රේමයේ නාමයෙන් මම අදත් ලබාදුන් දේට වැඩියෙන් නුඹ මෙමට පේ වෙලා කැපකරපු දේ වැඩිය මම අතහැර යන්නට මෙමට මං කියාදෙනු එපා...

ගමේ සැටලයිට්

Image
" වැඩකට යනවා ද දැන්? " රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋 " දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා" 😊😊😊😊😊😊😊😊 අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ... ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද??? (මේක වෙලා නම් ටික දවසක් වෙනවා ...😂😂)

53. මදහස

Image
යනෙන මාවත නිමක් නොපෙනෙන විටක හදවත ඉරි තලා පෙනි නොපෙනෙන මුවේ මදහස ජිවිතය ගැන පැවසුවා...

52.කාලය

Image
කල් බැලුවෙමි..... නමුත් වෙනසක් නොමැත... පෙර දා හා සැසැදුවෙමි... වෙනසක් දුටිමි.... කාලය නුඹ..... පුදුමයකි...

කස්ටමර් අන්කල්

Image
⁣කෝ අදත් නැද්ද මිස් ඔයාගේ නිසි බලධාරියා කියා කවුන්ටරයේ අක්කා මිස්ව ඇසු කස්ටමර් අන්කල් වෙතටයි,, එච්චර අනතුරක් වෙලාත් අසනිපෙන් ඉන්න කොටත් හිනාවෙන්ම හිටිය  මිස් , කොච්චර ටෙන්ෂන් වුනත් හිනා වෙලා වැඩේ කරලා දෙන මිස්ගේ මුනේ ඔය ලස්සන හිනාව හැමදාම තියේවා කියා කියු අන්කල්  ඔයාට ස්තුතියි ... අඩන්න බැරිව හිනාවෙන වෙලාවට ලස්සන හිනාවක් එනව ඇති අන්කල් ... ⁣ මුලු ඔලුවම හිරි වැටෙන්න කොන්දෙන් එන වේදනාව දරාගෙන කවුන්ටරයක වැඩකරද්දි හැම ගනුදෙනුවකදිම දෙපාරක් තුන්පාරක් ඇදෙන්න පැද්දෙන්න නැවෙන්න හැරෙන්න ඇඹරෙන්න වෙන කවුන්ටරයක වැඩ කරද්දි අවුට් එකක් වේවි කියලා බයක් හිතේ ඈතක හිරවෙච්ච හැගිමක් වෙලා තියෙද්දි කරන්න තියෙන වැඩ කරන්න ඕන වැඩ ලැයිස්තු ගනන් හිත පුරාවටම වෙලිලා තියෙද්දි මටත් පුදුම හිතුන අන්කල් කියුවා වගේම මං හිනා වෙනවද කියලා.... අමතක වෙලා තිබුන ⁣වෙලාවල් තිබුනත් හිනා වෙන්න මං දැන් හිනා වෙනවා...අන්කල් කස්ටමර් වගේම මං හරි සිරියාවයි කියපු පටස් ගාලා වැඩේ කොරලා දුන්නට ස්තුතියි කියලා මුලු ඔෆිසියම පිස්සු පිකුදු කරපු සියා කස්ටමර්ටත් ස්තුතියි ...(මොකද ඉතින් මට තියෙන්නේ මල යක්ස වර්ෂන් විතරයිනේ ...අනික...

හිතෙන අන්දම

Image
සමහර පින්තුර , සමහර වචන , සමහර හැසිරිම් , සමහර හැඟිම් , තියෙනවා හිත කොච්චර විස්වාස කරත් කොනිත්තනවා වගේ ඒවා 👿 උත්තර ඕන තරම් ඇති.. ඒත් හැමදාම කොමාවකින් නවත්වලා මං ලියන කතාවේ අලුත් පරිජේද වලින් පටන් ගනිද්දි මතක තියා ගන්න....🤔 මේ කතාව නතර වෙන්නේ සමහර විට කතාව සාමකාමිව ගෙවලා, නැත්නම් ඔයාට හිතා ගන්න අමාරු වෙන තැනකින් මුලු කතාවම වෙනස් වෙන්න පුලුවන්. හිතන්න ...... එපා..  මට උත්තර... ඔව් මමත් සාම්ප්‍රදායික ගැනු ලමයෙක් ....👯 ඒත් සාම්ප්‍රදායික ගති අත ඇරපු වෙලාවල් ඔයාටත් මතක ඇති ....💪 වෙලාවක් ආවොත් ඒ වෙලාවලටත් වඩා දුරකට නව්‍ය වෙන්න ම⁣ට පුලුවනි👍 ඒත් එදාට ඔයාට අතින් අල්ලලා නවත්වන්න බැරි වේවි.👫 මොකද හිතින් අල්ලං හිටිය මම අතඇරෙද්දි අතින් ඇල්ලුවට පලක් නැති නිසා💔 හිතන්න ............................ පොෂ් නැත...පොෂ් නැත්තේද නැත... තැනේ හැටියට ඇණේ ද රෝම සභාවට රෝමංකාරයෙක්ද විමට මට හැකි බව මම දනිමි 👻 හුරතල් විමටත් නපුරු විමටත් පසු බැසිමට මෙන්ම නැගි සිටිමටත් මට එක ලෙසම හැක💣 ඉතින් හොඳින් හිතන්න .... යමක් කිරිමට පෙර ප්‍රභාගේ සිතුවිලි වලටද සිතෙන අන්දම........💭?...

51. යුගල

Image
යන එන හැම තැනම මා එක්කලා ලඟ හිටියා හුසේන් බෝල්ට් හවසට  අපි පැරදෙව්වා විශාකා තෝමෝ සේ  සොඳුරුව ගියෙත් එදා අපි ලොව හැමට කැපෙනා යුවලකුත් වුනා නු⁣ඹෙ පෙම අමතකව වසරක් ගෙවි ගියා මගෙ මතක සඟවා  ගෙන සිටියෙ ඔයා නුඹ සොයුරියත් මහ මඟ අමතක කෙරැව මෙමා ලොව හැමදෙනා  නුඹ හොඳ නැති බවම කියා අපෙ පෙම් සිහින බිඳ ආදරෙ දෙකඩ කලා හැම බැමි අතැර සිටි  මා යලි පෙම් කලදා මගෙ තනියට එන අය හරි කෙටි හින්දා ආසයි යලිත් නුඹ හා  බැදෙනට මෙන් පෙරදා එනමුදු අස්ථි මට මඟ අහුරනවා මෙදා දුකකින් නමුත් නුඹ  අමතක කරමි සදා (වෛද්‍ය නිර්දේශය මත අඩි උස පාවහන් පැලදිමෙන් වැලකිම නිසා අඟතියට පත් මාගේ පැරණි සෙරෙප්පු යුවලගෙන්ද අනතුර සිදුවිමේදි දෙපයේ දමා සිට ගිලිහි ගොස් කොහේ කොතනකදැයි නොදන්නා මගේ කෙලිලොල් සෙරෙප්පු යුවලගෙන් ද මම සමා ඉල්ලමි) 2019.01.29

කියා ගන්නට හැකි වුනා නම්

Image
1.මහ පොලව යට මරියානා අගාධය වගේ තැනක ඉදන් හඳට රොකට් යවන්න ට්‍රයි කරන එක හොඳයි .ඒත් පොලව මතුපිටට ඇවිත් ඔය සීන් එකට එන්ටර් වුනා නම් කොස්ට් එකත් අඩුයි.කන කට්ටත් අඩුයි.🤔 2.කාටවත් රිටන් දෙන්න එකම දේ ට්‍රයි කරනවට වඩා පාත් එක වෙනස් කරලා බොකු බඩවැල් ඇඹරිලා යන්න පුලුවන් පට්ටම වෙනසක් කරන එක මං නම් හිතන්නේ ඒකයි වැදගත්කම .නැතිව අරය මෙයා හිත රිද්දුවා කියලා එකම මගුලේ එල්ලිලා ඉන්න එක නෙවෙයි...🤔 3.කොහෙද තිබුනා ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැ කියලා.අන්න ඒක නම් ඇත්ත..මොකද අපේ ජිවිතේ අරකද මේකද කියලා අරයට මෙයාට තිරණ ගන්න දෙන එක දිගටම කරන්න ගියොත් අපිට අපි අමතක වෙනවා🤔 4.මුලින්ම වැඩට යන දවසේ මං කණ්ණාඩියට කියුව දේ (තරහින් අම්මට ඇහෙන්න තමයි) අදත් මට මතක් වුනා..ඉංජියෝ Vs ක්ලාක් 😂😂😂😂 වැරදියට හිතන්න එපා ටාගට් බජට් එකයි ඇචිව් කරපු බජට් එකයි ගැන කතාවක් අප්පා.. මේක මතක් කල කෙනාට කියන්නේ අපිට මේකෙ අවුලක් නැ කියලා තමයි..ඔයාට තියෙන තරම්..හැබැයි ආයෙ එකම සින්දුව පේලේ වුනොත් ⁣, සර් ලාස්ට් චාන්ස් තමයි. 😉😊 5. මං නොදන්න පොස් මිනිස්සු දන්න සමහර දේවල් ගැන මට තියෙන්නේ මාර ⁣දැනුමක් බව තේරෙන කොට...

ජිවිත පොත

Image
මේ දවස් වල මම කියවන්නේ අලුත්ම පොතක්.. ඒ පොතේ මේ දවස්වල කියවන්නේ හරිම ත්‍රිල් එකක් දැනෙන පිටු සෙට් එකක්.ත්‍රිල් එක කොච්චරක් ද කියනවානම් එක ඡේදයක් අනික් ඡේදයට වඩා එහෙම් පිටින්ම වෙනස්... සතුට හිතෙන පොඩි වාක්‍ය දෙක තුනකට පස්සේ දුක හිතෙන පතරංග ජාතක සයිස් ඡේද පිරිච්ච පිටු ගනන් කියවන්න වෙන එක හිතට ගේන්නේ මැරෙන්න තරම් දුකක්.. ඒත් මේ පොතේ මේ පරිච්ඡේදයේම මරණය ගැන වෙන්විම් ගැන අනන්තවත් ලියවිලා තිබුන නිසා ඒ අදහසත් මට එපා වෙලා.. අද කියවපු ලස්සනම ඡේදේ අතරමගදි අත ඇරිලා කලින් මඟ ඇරුණ පරිඡේදයකට අහම්බෙන් කියවන්න ඉඩක් ලැබුණා.. හිතුනෙම නොකියව හිටියනම් කියලා..ඒත් අනාගත පරිඡේදයකට අදහස් මේකේ තියෙනවා කියලා හින්ට් එකක් හම්බුන එකේ ඒකත් කියෙව්වා...මේ පරිඡේදේ ඉක්මනට ඉවර වෙලා රොමැන්ටික් එකක් එනවනම්.... (දෙයියන්ට දෙයියන්ගේ හාල් කැවිමෙන් පසු ලියු මගේ ජිවිත පොත හෙමිහිමිහිට කියවමින්.....)