පීසා පාටි ඇට් මුහුදු වෙරල


ජිවිතේ ජිවත් වෙනවා කියලා දැනෙන්න නම් අපේ කියලා අපේ හිතට දැනෙන අය එක්ක පුංචිම හරි වෙලාවක් ගත කරන්න ඕන.

මං ඒ අතින් වාසනාවන්තයි මහ ගොඩාරියක්.

මොකද මට මගෙයි කියලා කියලා ඉන්න අය අතරේ Crime partners ලා කිප දෙනෙක් ඉන්නවා..
❤එක් කෙනෙක් තමයි මගේ ආදරේ .
ඔයාලා දන්න හදුනන දිල්..
මං ආස දේවල් එකක් දෙකක් ඇරුණාම අනෙක් හැමදෙයක්ම එයා නැ බැ නොකියා YES තියරියෙන් ඉශ්ඨ කරලා දෙන්න එයා වග බලාගෙන තියෙනවා..

(නොකරපු දෙක තුන ඉතින් සක්කරයටත් කරන්න ටිකක් අමාරු ආසාවල් තමයි ඉතින්.දන්නවනේ මං ගැන)😉

❤අනික් Crime partners ලා වෙන්නේ මගේ නංගියි දිල්ගේ මල්ලියි..
අවුරුද්දක වයස් පරතරයක් තියෙන අය්යායි නංගියි වෙන මුං දෙන්න තකට තක..

අක්කවයි අයියවයි හුරා කැමේ වෙනමම ලියාපදිංචි හවුල් ව්‍යාපාරයකුත් පවත්වාගෙන යන ගමන් තමයි ඉතින් අපිත් එක්ක අපේ  සමාගමෙත් අධ්‍යක්ෂක ධුර පවත්වාගෙන යන්නේ.
හැබැයි මේ දෙන්නා දුකේදි සැපේදි වේදනාවෙදි සතුටෙදි එකිනොකි හැම හදවතේ කතාවකදිම මායි දිල් එකකයි ඉදලා තියෙනවා අදටත් ඉන්නවා..
හ්ම් හෙටත් ඉදිවි.

මං මේ කියන්න යන්නේ පුංචි දේකින් ගොඩක් සතුටු වෙන හැටි..ජිවිතේට මතකයන් එකතු කර ගන්න හැටි..

අපේ නංගිට හෙනම නොසන්සිදෙන ආසාවක් තියෙනවා මේ පහුගිය දවසක ඉදන් අක්කාව හරි අය්යව හරි අර රවුම් ⁣රවුම්  රොටි කඩේට සින්න කරලා ලියලා දෙන්න.
අයියා ශේප් වෙවි වුනා සල්ලි නැ බං ඕවට කිය කිය..
කොහේ කෙල්ල අත ඇරියේ නැ.
අපි යමුකෝ මගේ ගානේ කමු කියුවම අපිත් ඉතින් පැනලා...
අනේ ඉතින් මං නොදන්නවයි මගේ නංගි බබා ගැන..😓
අන්තිමට මගේ කාඩ් රාජයාගෙන් තමයි එයා ගෙව්වවෙ ඒ පීසා කියන රවුමටත්.🍕🍕🍕

දවස් ගානක් කුරුමානම් අල්ලලා අයියලා දෙන්නවයි අක්කවයි කැමති කර ගත්තට පීසා කඩේ වහයි කියලා නංගි හිටියේ පරාන බයක.

මොකද අක්කගෙයි අයියාගෙයි ටිකක් දිග ලිස්ට් එකක් ඉවර වුනාම තමයි අන්තිමට ඔය කඩේට හොට දාන්න හිටියේ..

අන්තිමට කලින් තිබුන වැඩේ කරද්දි තිරණය කරා Online ඕඩර් කිරිම බඩ පණුවන් සඳහා වගේම හිතේ සතුටට හොඳයි කියලා..
නැත්නම් සයිවර් කඩේ කොත්තුවක් තමයි කන්න වෙන්නේ.

කොහොම හරි Online ඕඩර් එකට පින් සිද්ද වෙන්නත් මල්ලිගේ සුපර් කොලිටි හැටට හැටේ රිය පැදවිමත් නිසා (අයියාගෙන් පිටවෙන සුපිරි වදන් නැසු කන් ඇතිව තමයි එයා ඒ වගේ වෙලාවලට ඉන්නේ.) 🚗🚗පීසා කඩේ වහන්න හරියටම අඩ පැයකට කලින් ඒ කියන්නේ රෑ නවයහමාරට කඩේට කඩා වදින්න පුලුවන් වුනා අපිට..

අර තඩි පෙට්ටි පෙට්ටි ගොඩක් උස්සන් වාහනේට ආවෙ ගෙදර ගිහින් මේක ගිලදානවා කියලා තිරණය කරන් වුනාට ⁣අපේ දිල්ට එකපාරටම ආපු නසරානි තිරණයක් නිසා මල්ලිට සිද්ද වුනේ වාහනේ ඒ කියන ඉසව්වට පදවන්න..

මේ ගැන මල්ලිගේ හිත කොච්චර අවුල් වුනාද කියුවොත් "පුදුමයි ඒත් ඇත්තයි , ඇඳේ අනික් පැත්තෙන් නැගිටලා ද " වගේ වදන් හිමිට ඇහුනේ මට විතරයි ද කොහේ..😋

අහ් මේ වෙලාවෙ මඟ දිගටම අපේ නංගි කරේ නම් අර පීසා පෙට්ටි ටික හොරු අරන් යාවි කියලා හිතලා පරිස්සමින් අල්ලන් හිටපු එක තමයි.

අන්තිමට අයියාගේ නසරානි ඒත් රොමැන්ටික් වෙච්චි ලාවට පිස්සු ගතියක් පිරැණු හදිසි පැලැන අනුව මුහුදු වෙරලේ සූටබල් ඒ කියනනේ මිනිස් පිරිස් නැති අඩු එළිය ඇති තැනක හතර දෙනා කැන්ඩලයිට් ඩිනර් (අර පට්ට රොමැන්ටික් මිනිස්සු සමරන්නේ ) එකක් ගත්තා..🍻🍴🍕🍕

කකුල් දෙක කිට්ටුවට මුහුදු රල එන හිසට ඉහලින් තරු පිරුණු අහස තියෙද්දි ජංගමයෙන් පුංචියට ලයිට් එළියක් ලැබෙද්දි අතේ රස කැමක් තියෙද්දි අපි අපි ගාව ආදරේ මහ හුඟක් තියෙද්දි තවත් දේවල් මොනවද ඕන කියලා මට හිතුනේ මේ අයගේ හිනා පිරුණු මුනු දකිද්දියි.😊😊😊

හිනාවෙවි කතා කරකර පීසා කාපු අපිට ගෙදර එන්නත් තව ටිකෙන් අමතක වෙනවා..

මෙතනදි වෙච්චි එකම නරක දේ තමයි මං අක්කාට නෙක්ස්ට් කුකින් ට්‍රයල් එක විදියට පීසා සැදිමට යෝජනා ඇවිත් ඒවා ඉතසිතන් ස්ථිර වෙච්චි එක තමයි.

අයියෝ සල්ලිත් වියදම් කරන් මුන්ට කන්න දිලා මං කර ගත්ත දෙයක්..💰

කොහොමින් කොහොම හරි ගෙවල් වල මව් දෙමවුපියන්ට එක පෙට්ටියක පීසා ඉතිරු කර ගන්න තරම් අපි අහිංසක වුනා හරිද ? අපි එහෙමයි.😊

රැ ජාමෙට මෙහෙම පිස්සු කරන්න පුලුවන් ආදරණියම පිරිසක් මගේ වෙලා ඉන්න එක ඇත්තටම මං හිතන්නේ මගේ වාසනාවක්.

දන්නවද මේ එක ⁣කෝලමක් විතරයි අපි හතර සෙට් වෙලා නටපු .
තවත් බොහෝ දේ ඇති අතර හිමිහිට ඒ කතාත් මං සිතුවිලි වලට එකතු කරන්නම්කෝ..

අන්තිමට කියන්න තියෙන්නේ මට හිනාව ගෙනෙන ඔයාලා මගේ මුලු ලෝකයම කියලා තමයි .... මං ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ගොඩාරියක් ..💖❤💖❤💖❤

Comments

  1. හෙහ් හෙහ් ඉස්සර අය්යලව tax කරපු හැටි මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මෙයාලා ගේ දඟ වැඩ ගොඩක් තියෙනවා කියන්න

      Delete
  2. මටත් දැන් රවුම් රොටි කන්න දොල දුකක් ආවා

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න