45. නුඹ මුලාවී
මහ හඬින් කියයි හැම විට
මා වැරදි බව ලොවට
මඳක් නුඹ හිතුවා ද
මා හිතනා ලෙසට
ආදරේ එක වගේ කියා
පොඩි කල කියපු
කතාවෙ වෙනස මට
තේරුණ ද පසුකලෙක
ඇය ඉන්න තැන නුඹේ
හිනා මල් පිපි ඇත
හැම වරම මෙමා
නුඹට ඇස ඇණි කටුය
පන්නා විත් පසු පසින්
කෑ ගසන්නේ මටයි
මහ වැරදි ඇය කරන
නුඹේ මතකේ ටික දිනයි
මං කලොත් යම් දෙයක්
එය හරි වුනත් වැරදි වෙයි
ඇය කලොත් වැරැද්දක්
මුළු ලොවින් සඟවා තබයි
කිවුම ගැන සමාවනු
නුඹව මට හරි දුරයි
ඔච්චම් හිනාවම මගේ
මුව මත නැගෙයි
නුඹ මුලාවී බව හැඟී....
පොඩි ගතියක් නැත්තෙම නෑ!
ReplyDeleteහිතට දැනුන දෙයක්
Delete