73.ඉමු නේද රන් මැණික

කඩා වැටුනෙමි දිනක 
ඇසූවිට නුඹ නොඑන බව 
දරා ගත්තෙමි නුඹට 
එන්නට මගක් ඇති බැව් 
අසනා තුරුම
නියම කල තත්පරයකදී
ගසාගෙන සිලින්ජර කටුව
ගතකළා වේදනාවෙන් පිරිනු 
කාලයක් එක දිගට
දරා ගනු නොහැකීවී 
එක පෙලට ලද 
එන්නත් ගගුල
රෝහලේ ගෙවී ගියේ දවස්
සේලයින්  කටු අතරගෙවී 
ගිය වසරේ පස් මසක් පුරාවට 
පස් වරක් මම දුටුවේ
ශල්‍යාගාරයේ නේක එළි
නමුත් නුඹ ඇවිත් බැව් 
කියු සලකුණු මතින් 
හිනැහුණේ ලෝකයම
කුසේ හිඳිනා ලෙසින්
විදින  විදවන විදවාපු
බොහෝ දේ අමතකව ගොස් 
කොවිඩ් මාරයා ඇවිත් 
ඉන්නා කාලයක 
නුඹට එන්නට කියූවාට 
අනේ අමනාපනම් වෙනු
එපා රත්තරනේ
ඉතින් අම්මාට හෙට ඉදන් 
යන්න වෙයි වැඩමුරේ වෙත
නුඹ ගැනම සිතා නොගෙන
 කොවිඩ් වැක්සීන් එක
නහය කට වසා ගමි 
මුහුණු ආවරණ පැලද
අම්මි එකක්ම පරිස්සමෙන් 
ඉමු නේද රන් මැණික 






04.08.2021


    

Comments

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න