යලි එකට


අද තවත් දවසකි.
නුඹගේ ජිවිතය ගැන අපමණ වු බියකින් පසුවන නිමේෂයක මෙලෙස පැරදි සිටිමට අකමැති වු නුඹ උත්සාහ කරන ලද දිනකි..
ලියා තබන්නට වැදගත් දිනයකි..
ඉතින් මම ලියමි.😊

නුඹට මතකදැයි නොදනිමි.💭
නමුදු මගේ මතකය නිවරදි නම් එදා නුඹ යමු දැයි අැසුවිට හිතේ බියකින් වුවද නැගුනෙමි.
නුඹේ පාපැදිය මත.
ඉතින් ඒ මීට වසර මහ හුඟකට පෙරය.
දොලොස් වසරකට පෙර දිනකය..
අපේ ආදරය ඇරඹුමට පෙරය.
මිතුදම කෙමෙන් ආදර මාවතේ යද්දි මේ මඟ දිගම තාත්තාගේ ත්‍රීවිල් එකේ,වැන් එකේ,මෝටෝ බයිසි⁣කලේ ද නුඹ හා පැමින ඇත.අපේ කාරයේද පැමින ඇත.
මෙකි නොකි හැම වාහනයකම මේ මඟ ගෙවා පැමිනි මට මහ හුඟාරියක් මතකයන් ද එ් පිලිබඳව ඇත.💕
විටින් විට ඒ මතක සිතුවිලි පෙලගසන්නට සිතා ඉන්නෙමි..

අවසන් වරට මේ මාවතේ පැද යන්නට සැරසුනේ නුඹේම දහඩිය මුසුවු මෝටෝ බයිසි⁣කලේ වුවද එක් අදුරු මොහොතක අපේ සොඳුරු සිහින ඈත ඉසව්වකදි ඉරිතැලුනි.
දුකක් ඇත.😔
ඒ නතර වු අහිමි වු කාලය පිලිබඳවය.
නමුත් ඒ කාලය තුල නුඹත් මා මෙන්ම නොයෙක් දේ උගත් බව දනිමි පමණටත් වඩා.
එදා ඒ අනතුර නොවුනි නම් ජිවිතය මේ තරම් වෙනස් නොවන්නට ඉඩ තිබුනි.
මේ කාලය පුරාවටම වෙනස් නොවු එනම් ඍණ නොවි ධනම පමනක් වු එකම දෙය නම් නුඹේ ආදරයයි.💑

නුඹ දෛවයට සියල්ල භාර කිරිමට අකමැතිය.දනිමි මම එය.හැකි හැම විටකම නැගී සිටියේ නුඹේ උත්සාහයෙන්මය.
ඈත ඉන්නා ග්‍රහ පන්තියකට මඳකට ඇහුම්කම් දුන්නද නු⁣ඹේ හිතේ ඇති අනේක විදි පැතුමන් ඒ නිසා පසුබස්සවන්නට ඇති අකමැත්ත මම දනිමි.💪

ඉතින් අද දින,නුඹ නුඹේ දෙවන උත්සාහය දරා ඒ බව මට කියුවේ අනේක විද මගේ බැනුම් මැද්දේය.මුල් වර මා හා කියා සිටියද දෙවන වර මේ ගැහැනු සිතට නුඹ ගැන වු ආදරය නිසා තරවටු කලෙමි.
නමුත් නුඹ දෙවන වර නුඹට හැකිදැයි බලා සැකහැර දැනගැනුමෙන් පසුව තෙවන වර මාහටත් ඒ සතුට සිත්පුරා විදිමට ඉඩ දුන්නේ ඉමහත් පරිස්සමිනි.😘
යන්නට සැරසි සිටින වැන් රිය අපේ මතකය යලිත් සුන්දර කරදි ඇත.
අදත් නුඹ එදා මෙන්මය.මගේ පරිස්සම ගැනම සිතනා එය සනාථ වන තෙක් මා සමඟ එය සිඟිති ක්‍රියාකාරකමෙහි හෝ වේවා අන්ත්‍රාදායක බිහිසුණු ක්‍රියාකාරකමෙහි හෝ වේවා නොයෙදෙයි..
නමුත් කෙසේ හෝ එය මා හටද අත්දැකීමක් කරයි.😍



දනිමි නුඹ රජෙකු බව.රැජින ලෙස උදම් ඇනිය හැකි බව මෙමට..💑

ඉතින් පෙම්වත සිතුවිල්ල අවසානයේ ඉල්ලමි,තව ටික කලක් ඉවසමු.
නුඹේ වම්පස මගේ අසුනේ හැකි හැම මොහොතකම රුදෙන්නෙමි.එතෙක් පරිස්සමින් ..ආසාවට යලි යලිත් උත්සාහ නොකරන්න.😉😉
(ප්‍රසිද්⁣ධියේ කියුවහම අහන්න වෙනවා අප්පා..නේද දිල්)

සතුට කෝටියකි..ප්‍රභාගේ සිතේ නලියන..
එක දඩබ්බර ආදරණියම උත්සාහවන්ත කොලු පැංචෙකුගේ වික්‍රමයක මතකය මතක පොත් වලට ගොනුවෙන..

අන්තිමේ ලියමි මම
ෆිලින් වී ඩිඩ් ඉට් ..ඒ ගෙදරටු මේ ගෙදර .ට්‍රවලින් ටුගෙදර් ආෆ්ටර් ලෝන්ග් ටයිම්..
ඔන්ලි වි ටු...👫

Comments

  1. ශා....සනීප වේගෙන එන්නේ 😍😍

    ReplyDelete
    Replies
    1. ඔව්..සනිප විමටත් වඩා ට්‍රයි කිරිමේ ආසාව උත්සන්න වෙලා..

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න