නිවුන් හැගුම්


සංසාරේ ගොඩාරියක් ප්‍රර්ථනා කරන්න ඇති මම.ඔයා මගේ විමත් ඒ වගේ දෙයක් තමයි අයියේ.
විනාඩි කිපයකට කලින් දොස්තර මාමලා දඟ ඔයාව එලියට අරන් අහිංසක මාව නංගි කරාට මං තරහක් නෑ.
මොකද ඔයා වගේ හොඳ සුදු අයියෙක් මට හම්බුනේ ඒ නිසානේ.

අම්මා මල් මල් බබා ඇදුම් පාට දෙකෙන් එක වගේ අන්දපු ඒ අතිතය හරි ලස්සනයි නේද අයියේ.හැම දෙයක්ම එකට කරපු අපි දෙන්න සරසවියට යන්න සමත් වෙච්චි වෙලාවෙ අම්මගෙයි අප්පච්චිගෙයි ඇස්වල සතුටු කදුලු දැක්ක නේද අයියා..

සරසවියේදි අපි දෙන්න එකට ඉන්නවා කියලා කොච්චර කට්ටිය විහිලු කරාද කොක්කක් සෙට් නොවි නංගිවම බැදගනින් බං කියලා...අහ් අපි සැලුනද...

අපේ ඉරණම්කාරයෝ අපි හොයාගත්තතේ නිවුන් හමුවකින් නිසා අපි ඔය ලපටි විහිලු වලින් ඇස් රතු කරගත්තෙත් නැ..පැහැදිලි කිරිම් වලට යොමු වුනෙත් නැ..😃

අපි අපේ අරමුණු වෙත යන්න දුක් වින්දා.ඔයා මාව හුඟාරියක් පරිස්සම් කරා.ස්තුතියි අයියා..

අද උපාධි ප්‍රධානෝත්සවය.අදත් අපි දෙන්නා එකම විදියට ඇදලා..අයියා මට ඔයා ගැන හරිම සතුටුයි..දන්නවා ඔයාටත් මං ගැන හරිම සතුටුයි කියලා.
අපි මේ එකට ලංකර ගත්ත තවත් අරමුණක්..

අයියා මං ඔයාට ගොඩක් ආදරෙයි ..
ලබන ආත්මේදිත් මගේම අයියා වේවා..
❤❤❤
              (රෑ සටහනට ගෙතු සටහනක්)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න