ලියුම දුන්නා මම
ගිරිකුල පාමුල සිට
ගොඩක් වෙලාවට මම තීරණ ගත්තේ අනෙක් අයගේ අණ වලට අනෙක් අයගේ තීරණ වලට ගැලපෙන්න. හැබැයි ඒවයින් මට මග හැරුන සමහර දේවල් තිබුනට වරදක්ම වුනා කියලා දෙයක් වෙලා නෑ.අද මම මගේ තීරණයකට මගේ විදියට අවදානමක් ගන්න තීරණය කරලා තියෙන මොහොතක්. හරියන්න හරි වරදින්න හරි මේක කරන්න ඕන කියලා හිත හයිය කර ගත්තා.
හරි හරි මේකටත් කීප දෙනෙක්ගෙන් ඇහුවා. එපා වගේම හා කියන දේත් මැද්දෙන් අන්තිමට මට කැමති මම කැමති තීරණයට ඉඩ දෙන්න ඒ කීප දෙනා කැමති වුනා.
හැබැයි අමාරු දරුණු තීරණ වලදී කතා කරලා උපදෙස් ගන්න , ජීවිතයේදී වගේම රැකියාවේදී හැම වෙලාවෙම හයියක් වුන තවත් කීප දෙන්ක්ට කෝල් එකක්වත් නොදී හිටියේ මේක කරන්න හයිය තිබ්බට ඒ අයට කියන්න හයියක් නැති නිසායි.
මේක වෙන කෙනෙක් වෙනුවෙන් කරනවා කියලා ඔයාලට හිතුනොත් නෑ මම මේක කරන්නේ මම වෙනුවෙන්මයි. හෙට මොනවා වේවිද මම දන්නේ නෑ. හැබැයි හෙට වෙන දේවල් වලට මූන දෙන්න ඕන මමම තමයි.
මහා ලොකූ යාලුකම් පිරිණු ,ආදරය පිරුණු,හොද නරක අත්දැකීම් පිරුණු කාලයක් මතක ගබඩාවේ හිර කරගෙන මාවත වෙනස් කරන්න කාලය ඇවිත්.
ඇයි ඔයා එහෙම කරන්නේ කියලා ඔයාලා අහන්වා නම් ,ඒ මේකයි කියන්න එකම එක හේතුවක් මම ගාව නෑ. එකට දහයක් කියන්න පුලුවන් .🙂
හැබැයි ලගම ළඟ හේතුවකට තියෙන්නේ "ඇයි ඔයා ඒ වෙනුවෙන් ඒක නොකරන්නේ " කියලා අහපු නපුරු වචන ටිකක් විතරයි. ඒවා පට්ට ප්‍රොෆෙසනල්😂😂
ඔව් මම ඒක කරා.
මෙච්චර වැල්වටාරමක් කියුවේ , මම resignation දුන්නා කියන්න ඒයි 😂
ජීවිතයේ තවත් ලස්සන ,කටුක , කුරිරු, ආදරණීය කාලයක අවසානය.
සමුගනිමි ❤
ඉතින් ආයුබෝවන් ලංකා බැංකු මවුනි.❤
2022.07.25
අනාගතයට සුභ පතමි
ReplyDeleteස්තූතිය ❤️
Deleteඅරගලයට ජයවේවා 😘♥️💐
ReplyDeleteඅරගලය ඇරඹුණා පමණි ❤❤
Delete💕👌🤗
ReplyDeleteස්තූතියි ❤️
Delete