56.මන්දෝදරිය


දහසක් සීතාවන් ඉදිරියේ 
සැලෙනු ඇත 
රහත් නොම වු පිරිමි සිත
නමුදු 
ඒ හිතේ කිදා බැසීමට තරම් 
ප්‍රභල විය නම් 
පතිනියගේ පෙම

අහෝ සීතා පසු බසිනු මැන
නුඹට උරුම වු රාම වැනි 
පෙමක් වෙත 

රාවණා හිමි මන්දෝදරියටම
බව දැන....

ඉතිහාසය නොකී මුත් 
ඇයයි 
ස්වාමිභක්තිකම 
පතිනිය මා හිතට එකගව...

මන්දෝදරිය නුඹ නම් 
ඇදැහිය යුතුමය 
දරා සිටියාට මේ තරම් 
රාවණාගේ සිතුවිලි 
රිදුම් දුන් නමුත් හද ගැබ




නිමිත්ත - හංසිගේ පබැඳුමකි

Comments

Post a Comment