ඉල්ලීම

ජිව්තය ලස්සනම ලස්සනයි කියලා මම හිතුවට ඒක ඒ තරමට ලස්සන නැති බව තේරුම් ගන්න මට මේ තරම් වෙලා යන්නේ ඇයි ද මන්දා ... මට කොහේදි හරි වැරදුනා.ආයේ ආයේ මම ඒ වැරද්දම කරනවා කියල හිත කියන කියන පාරක් ගානෙම මම හිතටත් තරවටු කරලා ඒ වැරද්දම කරා.. මම හිතුවේ හැම වැරද්දක්ම මගෙයි කියලා. මොකක් ද කියලා කියන්න නොදන්න මහ ලොකු බැදීමක් මම මගෙයි ඔයාගෙයි අතර තිනවා කියලා හිතන් හිටියට ඒක එහෙම නෙවෙයි කියලා ඔයා මට නොකියා කියපු බව අතීතයේ මතක අතර සරන මේ වගේ වෙලා වලට මතක් වෙද්දී ඇස් වල කදුලු පිරෙනවා.. ඔව් ඔයා මගේ ආදරේ.. මගේ පන.. පන වගේ ආදරය කරන මට ඔයා රිද්දන්නේ කාලෙන් කාලෙට.. අනේ මං දන්නේ නැහැ.මම ඔයාට මොන වරදක් කරලා ද කියලා . ඔයාට නිදහස මම නොදි ඉදලා තියෙනවද? සමහර දේවල් එපා කියලා කියනවා.ඒත් ඒ කියන්නේ ඔයාගේම හොදට .ඔයාගේ පරිස්සමට .අන්තිමට ඔයාටම තේරුම් යනව ඇයි මම එපා කියුවේ කියලා. ලෝකේන්ම ඔයා නිසා බැනුම් අහන්න මට පුලුවන් වුන වෙලාවල් තිබුනා.ඔයාත් රිද්දන මගේ හිත ඔයාගේ සමහර මෝඩ වැඩ නිසා ලෝකයේ මිනිස්සුත් රිදුවා...ඉවසුවා ඉවසුවා ..වාවා ගන්නම බැහැ රත්තරං .. සමහරු අපි පතාගෙන ආවා කියලා කියන කොට ඔයා මගෙන් ඇත් වෙලා ඉන්න හැම...