අද තවත් දවසකි. නුඹගේ ජිවිතය ගැන අපමණ වු බියකින් පසුවන නිමේෂයක මෙලෙස පැරදි සිටිමට අකමැති වු නුඹ උත්සාහ කරන ලද දිනකි.. ලියා තබන්නට වැදගත් දිනයකි.. ඉතින් මම ලියමි.😊 නුඹට මතකදැයි නොදනිමි.💭 නමුදු මගේ මතකය නිවරදි නම් එදා නුඹ යමු දැයි අැසුවිට හිතේ බියකින් වුවද නැගුනෙමි. නුඹේ පාපැදිය මත. ඉතින් ඒ මීට වසර මහ හුඟකට පෙරය. දොලොස් වසරකට පෙර දිනකය.. අපේ ආදරය ඇරඹුමට පෙරය. මිතුදම කෙමෙන් ආදර මාවතේ යද්දි මේ මඟ දිගම තාත්තාගේ ත්‍රීවිල් එකේ,වැන් එකේ,මෝටෝ බයිසිකලේ ද නුඹ හා පැමින ඇත.අපේ කාරයේද පැමින ඇත. මෙකි නොකි හැම වාහනයකම මේ මඟ ගෙවා පැමිනි මට මහ හුඟාරියක් මතකයන් ද එ් පිලිබඳව ඇත.💕 විටින් විට ඒ මතක සිතුවිලි පෙලගසන්නට සිතා ඉන්නෙමි.. අවසන් වරට මේ මාවතේ පැද යන්නට සැරසුනේ නුඹේම දහඩිය මුසුවු මෝටෝ බයිසිකලේ වුවද එක් අදුරු මොහොතක අපේ සොඳුරු සිහින ඈත ඉසව්වකදි ඉරිතැලුනි. දුකක් ඇත.😔 ඒ නතර වු අහිමි වු කාලය පිලිබඳවය. නමුත් ඒ කාලය තුල නුඹත් මා මෙන්ම නොයෙක් දේ උගත් බව දනිමි පමණටත් වඩා. එදා ඒ අනතුර නොවුනි නම් ජිවිතය මේ තරම් වෙනස් නොවන්නට ඉඩ තිබුනි. මේ කාලය පුරාවටම වෙනස් නොවු එනම් ඍණ නොවි ධනම ප...