කියා ගන්නට හැකි වුනා නම්



1.මහ පොලව යට මරියානා අගාධය වගේ තැනක ඉදන් හඳට රොකට් යවන්න ට්‍රයි කරන එක හොඳයි .ඒත් පොලව මතුපිටට ඇවිත් ඔය සීන් එකට එන්ටර් වුනා නම් කොස්ට් එකත් අඩුයි.කන කට්ටත් අඩුයි.🤔

2.කාටවත් රිටන් දෙන්න එකම දේ ට්‍රයි කරනවට වඩා පාත් එක වෙනස් කරලා බොකු බඩවැල් ඇඹරිලා යන්න පුලුවන් පට්ටම වෙනසක් කරන එක මං නම් හිතන්නේ ඒකයි වැදගත්කම .නැතිව අරය මෙයා හිත රිද්දුවා කියලා එකම මගුලේ එල්ලිලා ඉන්න එක නෙවෙයි...🤔

3.කොහෙද තිබුනා ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැ කියලා.අන්න ඒක නම් ඇත්ත..මොකද අපේ ජිවිතේ අරකද මේකද කියලා අරයට මෙයාට තිරණ ගන්න දෙන එක දිගටම කරන්න ගියොත් අපිට අපි අමතක වෙනවා🤔

4.මුලින්ම වැඩට යන දවසේ මං කණ්ණාඩියට කියුව දේ (තරහින් අම්මට ඇහෙන්න තමයි) අදත් මට මතක් වුනා..ඉංජියෝ Vs ක්ලාක්
😂😂😂😂

වැරදියට හිතන්න එපා
ටාගට් බජට් එකයි ඇචිව් කරපු බජට් එකයි ගැන කතාවක් අප්පා..

මේක මතක් කල කෙනාට කියන්නේ අපිට මේකෙ අවුලක් නැ කියලා තමයි..ඔයාට තියෙන තරම්..හැබැයි ආයෙ එකම සින්දුව පේලේ වුනොත් ⁣, සර් ලාස්ට් චාන්ස් තමයි.
😉😊

5. මං නොදන්න පොස් මිනිස්සු දන්න සමහර දේවල් ගැන මට තියෙන්නේ මාර ⁣දැනුමක් බව තේරෙන කොට පෙරහැරේ අලි විතරක් නෙවි කැලැවේ අලිත් ගිහින්..ඇත්තුත් එක්කම
🐘🐘

⁣6.මෙලොවක් නැතත් පොර ටෝක්ස් දෙන මගේ ඉවසිම ටෙස්ට් කරන්නට මට ඉතාමත් වටිනා අවස්ථා ලබා දෙන අය ඉවසිම මා අත ඇර නැති බැවින් තවමත් දත් වලින් හපා බත් කන්නට වාසනාවන්තය.👍👍

7.වටෙන් ඇවිත් ටොකු ඇනිමේ සාම්ප්‍රදායික ක්‍රමය පස් වසරක් තිස්සේ ඉල්ලගෙනම ඇගේ දාගෙන ඉකිගැසු බැවින් වන් ෂොට් ලෙස නෝ අයි කාන්ට් කියා ගැනිමට හැකි සැඟවුන දක්ෂතා මතුවිම පිලිබඳව ඉමහත් සතුටකින් පසුවෙමි..😊😊

8.මගේ හැකියාවන් නොහැකියාවන් ගැන කතා කිරිමට ඔබට ඇති අයිතිය මුලින් මට පහදා පසුව ඒ අයිතිය නැති කර ගැනිමට හැකියාවක් ඔබට ඇත.නමුත් ප්‍රිමා ෆැමිලි  පැක් ගැන හිනයක් මැවු ඔබට මැගි එකක් වත් නොලැබිය හැකි බව ⁣අවසානයේ කැමැත්තෙන්ම කියමි..
🍝️🍝️🍝️🍝️🍝️

මගේ මොලේ දාලා ගන්නට ඇලක් නැති බැවින් අද හවස තිබු පොද වැස්සට තෙමි ඇති බැවින්
මේ අකුරු කල දේ මටත් නොතේරෙන බැවින්
පිස්සු ප්‍රශ්න නම් අහන්න එපා ඒ බැවින්
😂😂😂😂😂😊😊😊😊😂😂😂😂
  


Comments

  1. අප්පේ ඇරියස් ඔක්කොම කවර් කරල වගේ 😁

    ReplyDelete
    Replies
    1. කල දුටු කල වල ඉහ ගැනිමේ කලාව ප්‍රගුණ කරමින්..

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න