ෆිලින් ආතල්

ගාට ගාට ඇවිදින්...

වැඩ ඇරිලා ව්‍යායාමෙටත් එක්ක (මං කියුවෙ මේ බකල් ද කබල් ද ⁣මන්දා වෙච්චි කකුල ෆිට් කර ගැන්මේ මුලික අරමුණ ඇත්ව) හිමි හිමිහිට ගෙවල් බලා 0.0005kmh- වගේ වැදගත් වේගයකින් ආපු මගේ ඇගේ ගැවි නොගැවි වෙට්ටු දැමු ස්කුටරයේ ආවා වු අයියාලා දෙන්නාටත් අර ලොකු බයිසි⁣කලේක ආවා වු අයියලා දෙන්නාටත් ආදරෙයෙනි.
😋😋😋😋😋😋

සුටි කෙල්ලක් දිහා බලනා බැලුම් හෙලිම පිලිබඳව මාගේ බලවත් මෙව්වා එක ආද⁣රයෙන් පුදකිරිමට කැමති අතර මගේ වන් ශොට් ඇනලයිස් කිරිම 100ට 90ක් විතරම හරි යන බැවින් මට හැගිගිය දැනි ගිය පරිද්දෙන් ඒ මල කෝලම් සිව් කට්ටුව මට වඩා වයසින් ලාබාල බව ප්‍රකාශයට පත් කරන්නේ හද පරි පෙරකි මෙව්වා එකෙන් මය.එහෙයින් හෙට අනිද්දාට ජන්දෙ පිහිටෙන් පන්සලක හෝ ප්‍රජා ශාලාවක හෝ නොමිලේ බෙදා දෙන ඇස් 👓 කණ්ණාඩියක් ලබා ගැනිමට යැම හොද අතර එයට යම් කිසි නිර්දේශයක් අවශ්‍ය වේ නම් මා එය කිරිමට කැමැත්තෙමි..

"අහ් නංගි සස්සනයි " කියා මාගේ දුක අංකය ඉල්ලු ලොකු බයිසි⁣කලේ අයියාටත් මගෙන් නෝ රෙස්පොන්ස් විට මට අංකය දෙන්න හැදු ඒ අයියාටත් පසු පැදිකරු ලෙස සිට අනිත් අයියාටත් කියන්නට ඇත්තේ අගය කල යුතු උත්සාහයක් වුවත් දෙවෙනි වටයට තෝරා නොගන්නා බවත්ය.මන්ද යත් මගේ දුක අංකය කපල් සිම් අංකයක් බවත් මට මල් කැඩිමට අනිත් අයගේ උදව් අනවශ්‍යත් බැවිනි.

මුලින්ම වෙට්ටුව දමා යලි හරවා ඇවිත් ලොකු බයිසි⁣කලේ අයියලාටත් පාට් දමා මා බේරාගත්තා වාගේ වීර පාට් රඟපැ ස්කුටරයේ අයියලා දෙන්නා දුටු විට රන්ජා මතක් වු බව කියන්නේ දුකිනි.
ඇයි ද කිවහොත් මට ඔය රන්ජා ටයිප් ඇයෝ පෙන්නට බැරි නිසාය.😈

මුන්ගේ පුස් පාට් මැද පැරදි ගිය ලොකු බයිසි⁣කලේ ඇයෝ බයිසි⁣කලේ සයිස් එකටත් පට්ට අවනම්බුවකි.🙈

"සස්සනයි ඔයා" කියා තවත් ⁣වෙට්ටුවක් දමාගිහින් බෙල්ලේ පොට යවන ගමන් අපේ තුන්මං හන්දියේ (එහෙම කියුවට ඒක හතරමං හන්දියක් ඕං) නවතාගෙන මං ලඳ යන්නේ කොයි මාවතටද බලා සිටි ස්කුටරයේ කතාව හිනියට අහවරක් කිරිමේ කූට පැලැනක් මගේ ⁣අබමල් රේණු සයිස් මොලයේ තිබුනත් අපේ අම්මාගේ දුක ට ප්‍රතිචාර දැක්විමේ ප්‍රමාදය මත එය අසාර්ථක ⁣විමේ මෙන්ම මේ ගල් නාම්බෝ දෙපලට මගේ ලිවින් පේස් ගෙස් කිරිමට චාන්ස් එක දිමේ අති භයානක තත්ත්වයකට මුහුන පා සිටි මා සිදු කරේ අවසන් සටනට යොමු විමයි.

මාගේ තාත්තාගේ ගෙයත් තාත්තාගේ තාත්තාගේ ගෙයත් (තාත්තගේ මහ ගෙයි තමයි) තාත්තාගේ මස්සිනාගේ ගෙයත් ඉදිරි පිට ප්‍රාණ ඇපකාර මුඩ් එකකින් ස්ථාන ගතවිමයි.🙆🙆🙆🙆🙆🙆🙆

අනේ ස්කුටරයේ අයියලාට ඇපත් නැති විමට නැන්දලා මාමලා අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා මගේ කුප්ප මුඩ් එකට පින් සිද්ද වෙන්නට තාප්ප ගසා තිබුනත් කණ්ඩුල ඇතු බලකොටු බිඳ ආවාසේ පැමිණියෙන් (අහ් අපේ අය මේ ටයිම් එකට ඉන්නේ මං පරිස්සමින් ආවා ද බලා ඇලට් එකේ හොඳේ), මගේ බලාපොරොත්තු ඉහේ මල් පොකුරු පිටින් පිප්පුනේ ස්කුටරයේ අයියලා යන්න ආව පැත්තත් අමතකව වම දකුණ මාරැ වි හරවාගෙන ආවා පැත්තට ගියපු නිසාටත් වඩා අපේ සෙට් එක එකී ස්කුටරයේ අයියලාගේ ඉහේ හිටන් කටින් පට්ට ගැසු ආකාරය අසා සිටිමෙන්ය..😝💪💪💪

අනේ මේ සිව් කට්ටුව හතරදෙනාම සුරයෝ ද කියා බලා ගන්නට අපේ සෙට් එකේ අතටම අහුවුනානම් තිබුන අතර සුසේන් බෝල්ට්ගේ බාප්පොච්චිගේ පුතා ලංකාවේ ඉන්නා බවත් ඔවුන් මේ සිව් දෙනා අතර බවත් තක්කෙටම කියන්නට මට චාන්ස් එකක් නිතරගයෙන් ම ලැබෙන්නට තිබුනි.🙌

මේ සිව් දෙනා අයියලා ලෙස ලියමනේ දිගට හරහට හැදින්වුයේ අහිංසක සිත් තලන්නට නොහැකි නිසාවෙනි.පාරක ගැහැනු ලමයින්ට තනිපංගලමේ යන්නට නොදෙන මෙවන් අය හදුන්වන්නට අශිෂ්ට සිංහල වචන ඇති බවත්  ඒ වදන් හිතින් පමනක් කියා නිහඬ වන්නෙත් අප්‍රියාව නිසාවෙනි.😡😡




අනික් අතට බයිසිකලයක නැඟ ගත්තාම පොරවල් යැයි සිතු මේ අයියලාට කියන්නට ඇත්තේ මාත් බයිසිකල් ගමන් ගොස් හොට බිම ඇනගත් නංගියෙක් බවය.ඒ ඔයිටත් වඩා සුපිර් වර්ගයේ බයිසිකලයක ඩබල් වෙලා ගිහින් නිසා ඔය ශෝ බයිසිකල් මට නතින්ය.😤

අනිත් අතට කෙල්ලෙක් හිමින් හිමින් පාරේ යන්නේත් ඇයගේ ඇදුම් විලාසය වෙනස් වෙන්නේත් ඔබ නොදන්නා යම් අදුරු සෙවනැල්ලක් ඇය දරා සිටිනා බැවින් ද විය හැකිය. විශේෂයෙන්ම කෙට්ටු කෙල්ලෙක් බඩ අඩු කරන්නට බඩ කොන්ද තද වෙන්නට 'ගාඩ්' එකක් අදින්නට තරම් මොලේ අමාරුවක් ඇතැයි මට කිසි ලෙසකත් නොසිතෙනා අතර මගේ රෑට් එකේ කොල්ලන්ට මට වගේ හිතන්නට බැරි විම වගේම අලිබෙට්ටක් තරම් ඔලුගෙඩ්ඩ ඇතු⁣ලේ වි ඇටයක තරම් මොලගෙඩ්ඩ යුස් කිරිමට නොහැකි විම ඒ ඇත්තන් ගැන මට ඇත්තේ හිතවාවන්නේම නැති ගතියකි.😖😖😖

යකුනේ මම අසනිපෙනි..ප්‍රතිකාර වලට විහිළු කර ආනන්තරිය පාපකර්ම වලට ලඟ පව් කර නොගන්න.😋😋

හවසට පයින් වැඩ ඇරි ගෙදර යමින් එක්සසයිස් කිරිම කපල් සිම් අයිතිකාර මහතා කැන්සල් කලහොත් මේ කතාවේ බයික් අයියලාට දත් නැතිව මම බත් කන්නට උදව් කරන්නෙමි..😏

ආයෙත් හෙට සිට ලයිට් ගහන හොන් ගහන හැරිලා බලන බයික් රයිඩර්ස්ලා ගනන් කරමි..හැබැයි වෙට්ටු දමන ඉහතකි වර්ගයේ අයියලා මහවත්තේ 119 සෙට් එකට ආදරයෙන් මුනගස්වා ආතල් එකක් ගමි..

(පසුවිපරම - ඒ යක්සයෝ හෙටත් ආවොත් මට දුවන්නත් බැ ,,, ගහගන්නත් බැ ,,, මොකැයි මං කොරන්නේ))💭💭💭💭

(2018.10.30)


Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න