36.ඉකිබිදුම්



ජිවිතේ තනි මංසලක පෙර
මුන ගැසි අප එක් වෙලා
එකම මග ගෙන දුරක යන්නට
අත් බැදන් හිත් පැටලුනා

කොහේ කොතැනක
මග වැරදි ගිය බව
මුමුනා කියනා හිත නිසා
⁣කොපුල් තෙමනා කදුලු වැල්
මං හුඟක් අසරණ කල නිසා

නුඹට මා ගැන හිතන්නට
ඉඩක් වත් අද නැති නිසා
නොහිතා ඉන්නේ මං
කොහොම අද ඔයා
පෙර වගෙ නැ කියා

මං කියන දේ අසා
ඉන්නටවත් ඉඩක්
නුඹ නැ කියා
රිදුවු හද මගෙ
මහ හුඟක් පෑරුනි
නුඹට මං හරි දුර නිසා....

හිටියෙ මට නුඹ පමනමයි
මතකේ තියෙනා දා ඉදන්
නුඹෙන් ඉල්ලුවෙ නුඹව පමනයි
බලා ගන්නට ආදරෙන්

වරම් නැති වග හිතෙන
විටකදි ⁣මොර දිදි මගේ
හිත දුකින්
මං පතන්නම් පෙර වගේ
නුඹ මගේ වේවායි
ආදරෙන්   ❤





Comments

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න