අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ පරිසමාප්තියෙන්ම යකා බකා ලෙස හිතේ මැවී තිබූ කාලයකි. ඉතින් රාවණා යකාට ගිය අතර ඉන්දියානු මෙගා ටෙලියක නලුවා සුපිරි වීරයා වෙන්නා සේම රාමා පොර විය. ඒත් උපන් රටේ විරුවා බල්ලට දැමීම ලේ ධාතුව විසින් පිලිනොගත්තේ හෙලයා යනු අභීත අයෙක් නිසා විය යුතුය. අතට අහුවෙන රාමා රාවණා සීතා ලක්ශ්මණා ගැන ලියවූ ලිපි තැන නොතැන නොබලා වචනයකවත් මග හැර නොගෙන කියවන්නට පෙලඹුනේ වාල්මිකී කොලේ වසා ගසා ඇතැයි ලපටියට වැටහුනු නිසාවෙනි. ඉතින් ටිකෙන් ටික හෙල මහා විරුවා කවුරුන්ද යන වග මෙන්ම එතුමා සමග බැදී පවතින්නාවූ අතීත වර්තමාන හා අනාගත කාලයන් පිලිබදව තතු බොහෝමයක් දැනුම් ගබඩාවට ඇතුලත් විය. ආචාර්ය මිරැන්ඩෝ අබේසේකරයන් වැනි ඉතිහාස ගවේෂකයන් ,භද්‍රජි මහේන්ද්‍රයන් වැනි රචකයන් විසින් පුස්තකාරූඩ කරවූ තොරතුරු මත පදනම්ව මා මනසේ මැවූ රාවණයන් යනු තුන් කල් දැකි මහා පුරුසයෙකි.වෙදදුරෙකි.රටකට පිනට පහල විය යුතුම රජෙකි.අහස කුස හා සක්වලම ජයගත් නිපැයුම්කරුවෙකි. ක්ශනික තීරණයක ප්‍රතිඵලයක් ලෙස ලක් දෙරනේ
Comments
Post a Comment