පෙම්බැදි ඉතිහාසය

අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ පරිසමාප්තියෙන්ම යකා බකා ලෙස හිතේ මැවී තිබූ කාලයකි.
ඉතින් රාවණා යකාට ගිය අතර ඉන්දියානු මෙගා ටෙලියක නලුවා සුපිරි වීරයා වෙන්නා සේම රාමා පොර විය. ඒත් උපන් රටේ විරුවා බල්ලට දැමීම ලේ ධාතුව විසින් පිලිනොගත්තේ හෙලයා යනු අභීත අයෙක් නිසා විය යුතුය.
අතට අහුවෙන රාමා රාවණා සීතා ලක්ශ්මණා ගැන ලියවූ ලිපි තැන නොතැන නොබලා වචනයකවත් මග හැර නොගෙන කියවන්නට පෙලඹුනේ වාල්මිකී කොලේ වසා ගසා ඇතැයි ලපටියට වැටහුනු නිසාවෙනි.

ඉතින් ටිකෙන් ටික හෙල මහා විරුවා කවුරුන්ද යන වග මෙන්ම එතුමා  සමග බැදී පවතින්නාවූ අතීත වර්තමාන හා අනාගත කාලයන් පිලිබදව තතු බොහෝමයක් දැනුම් ගබඩාවට ඇතුලත් විය.
ආචාර්ය මිරැන්ඩෝ අබේසේකරයන් වැනි ඉතිහාස  ගවේෂකයන් ,භද්‍රජි මහේන්ද්‍රයන් වැනි රචකයන් විසින් පුස්තකාරූඩ කරවූ තොරතුරු මත පදනම්ව මා මනසේ මැවූ රාවණයන් යනු තුන් කල් දැකි මහා පුරුසයෙකි.වෙදදුරෙකි.රටකට පිනට පහල විය යුතුම රජෙකි.අහස කුස හා සක්වලම ජයගත් නිපැයුම්කරුවෙකි. ක්ශනික තීරණයක ප්‍රතිඵලයක් ලෙස ලක් දෙරනේ ඉරණම එතුමාගේ ඉරණම හා ගැටීමෙන් හෙලයට අහිමි වී ගිය උත්තමයෙකි.යක්කයෙකි.
ගණිත අංශයට නොයා මහාචාර්ය පරණවිතාන මග යෑමෙහිලා තිබූ ආසාව සඵල වූයේ නම් රාවණා ගැන මා මෙපමණකට වඩා දැන සිටින්නට ඉඩ තිබුණි.




රාමා විසින් රාමායණයේ දී රගන පෙම්වත් චරිතයට වඩා අපේ රාවණයන්ගේ ප්‍රේම පුරාවෘත්ත ප්‍රභලය.මන්දෝදරිය එතරම් සොදුරු ය.රාවණා ගෑනු සොඩෙක් කිරීමට වාල්මිකී ගත් නීච උත්සාහය කෙසේවෙතත් රාමාගේ විශ්වාසය  නොමැති බැදීමකට දුන්නක් නිසා හිරවූ ලක් යක් දියණිය වූ සීතා ගැන මට ඇත්තේ අපමණ සිත් තැවුලකි.

රාමායණයේ කෙසේ වෙතත් රාවණා පුවතේ අදටද වලංගු බොහෝ බොහෝ පුද්ගල වින්‍යාසයන් දැකිය හැකිය. ක්ශනික තීරණයක අමිහිරි ඵල නෙලා ගන්නා රාවණයන් , බලයට කෑදරව සියල්ලෝම පාවා දුන් විභීෂණ වැනි අධමයන් , තමන්ට පණමෙන් ආදරය කරන්නන් අවිශ්වාස කරන රාමා වැනි ආදරවන්තයන් ද සහෝදර ප්‍රේමය ඉහවහා ගිය ලක්ශ්මණ,භරත, කුම්භකරණ,සුලක්ෂණා වැනි සහෝදර සහෝදරියන්ද තම පවුල පිලිබදව අසීමිතව සිතනා මේඝනාද වැනි පුතුන් ද රටක් පරපුරක් වුව විනාශ කල හැකි සීතාවන් ලදුන් ද එකම පිරිමි සිතක් පතා ඒකී ආදරය රකිනා මන්දෝදරිය වැනි ලදුන් ද මෙකී වින්‍යාසයන් අතර දැකිය හැකිය.

අදටත් තවමත් මා රාවණයන් පිලිබදව සොයන්නට ආසාකරන්නේ චෙස් ක්‍රීඩාව ,චතුරාංගනී ක්‍රීඩාව ලෙස ලොවට එලිකල ලොවින් සැගවුණු සොදුරිය  මන්දෝදරිය නිසාවෙනි.ඇයයි අප මහා නිරිදුන්ගේ එකම සහ ආදරණීයම  පතිනිය.

ඉතින් නුඹ කැමති රාමාට වුවද රාවණයන්ට වුවද කම් නැත මොහොතකට මෙකී ඉතිහාසයේ සැරිසරන්නටද හිතුනහොත් අතීතය අනාගතය හා හාද කරවන වර්තමානයේ ජීවත් වීමට ලොබ බදින්නේ නම් රාවණා - මන්දෝදරි පෙම ගැන ආදර දෑසින් බලන්න.

එසේ නම් මා සසල කල එකී පෙමකව මගේ සිතුවිලි කියවන්නා වූ නුඹටත්.....


Comments

  1. ඔබේ වචන රසය.මා කැමතිම ඒ රටාවටයි.💕

    ReplyDelete
  2. Rama is the hero and he always will be. He fought for the justice and he was god himself in a human form. Justice and riotousness always win. That's the moral of Lord Rama's story. Let it be a lesson to everyone, The justice wins! A hero like Rama will stand against the tyranny of evil men like Raavana. And such demons who try to play god will be destroyed no matter the cost.

    ReplyDelete
    Replies
    1. මා දැක්වූයේ හුදෙක් මාගේ මතය පමණි.රාමා ද විරුවෙකි ඔහු අනුගමනය කරන්නන් හට.

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

ඇවිත් යන්න එන්න