අසල්වැසියා

කොරෝනා නිසා ඉරට කලින් වැඩට යන ඉරට පස්සේ ගෙදර එන විකාර ජීවන රටාව මග හැරුන අතරම අත්‍යවශ්‍ය සේවා රාජකාරියෙන් දින දෙකක විරාමයක්ද ලැබුනි.
මේ කාලය අතර තුර සොයා ගත් දේවල් වලට අතේ දුරටත් අඩුවෙන් පිහිටා තිබෙන නිවෙස් වල ජීවීන් ඉන්නා බවත් එකී ජීවීන් මා මෙන්ම පණ ඇති අය බවද එකතු වේ.
 එහා ගෙදර අක්කාට කඩේ වසා දමා ලමයින්ට පාඩම් කියාදීමට වෙලාවක් ඇති බවත් එකී පොඩි අය ඩබලට රණ්ඩු නොවී ෆිට් එකේ සෙල්ලම් කිරීමටද හැකි බව සොයා ගන්නට ලැබූ අනිත් දේවල් ය.
මේ දවස් වල මේ පොඩි ඩබල මා වැඩ ඇරී එන තුරු බලා සිටින්නේ දවසේ විස්තර බැල්කනියෙන් එබී මා හට රස කර කර කියන්නටය..
පසුගිය දවසක ලොකු බබාගේ උපන් දිනයට බැල්කනිය මත සිට සුභ පතන්නෙද කේක් පුරවාපු තසිමක් ලැබෙන්නේද ජනේලය හරහාය.
මේ අලකලංචි කාලේ මොනවාම හරි කරගන්නට උපන් හපන් මාව ගරුඩ පැත්තෑයෙක් විසින් කිස් කිරීමේ සොදුරු වේදනාව දරුනුවටම දැනෙන අතරම පොඩි ඩබලගේ ආච්චි විසින් විස නසන්නට හැකි යැයි කියා බැදි හාල් කැද සාදා ජනේල් හුවමාරුවෙන් ලබා දෙන ලදී.
 හදවතට දැනුනුයේ අපට කෙතරම් දේවල් මග හැරී ඇද්දැයි කියාය.වසරකට කිට්ටු කාලයක් මෙම නිවසේ සිටි මට මේ සති කිහිපය හුගක් දේ කියාදුනි.
ඉතින් අසල්වැසියාට පෙම් කරන්නට ඉගෙන ගනිමින් ......

(සටහන -2020.04.03)

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න