2❤2❤

ජිවිතය ...
අපි එක එක කෙනා ඒක දකින විදිය වෙනස්. කෙනෙක් මේ සසර පුරා කරන ලද මහා අනර්ඝ පිංකම් පලදීමෙන් ලද මේ ජිවිතය විදින අතරම තවකෙක් ඒ ජීවිතය විදවනවා...
😌
දයාන් ලයාන්විතව කියන "විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා " කියන පද පේලිය මේ දවස් ටිකේම මම හිමි හිමින් මුමුණනවා..
ඇයි මේ..   මම මගෙන්ම අහනවා.🤦
මගේ මනස අකීකරු වෙලා.උඩ හිත යටි හිතත් එක්කලා මහා සටනක්...🤺🤺
ඒක තමයි මේ මිමිනෙන ගී පදය මට ගැලපෙන්න තියෙන එකම සාධකය..
යටි හිතේ බොහෝ කලක් තැන්පත් වෙලා හිටපු සිහින..ඒවට සැබෑ වෙන්න ඕන කියලා හිතිලා මේ හදිසියේම.ඒත් යටි හිතට අමතක වෙලා මගේ යුතුකම් වගකීම් හැකියාවන්..උඩු හිත වලිකන්නේ ඒ දේවල් යටිහිතට මතක් කරලා දෙන්න.🙅🤷
ඒත් යටි හිත මේ පාර පැරදෙන්න කැමතිම නැහැ වගෙයි..අනෙක් හැම පාරකදිම වගේ පහුබහින්න සූදානම් නැහැ වගෙයි..ඒ දෙන්නට මම ගැන තීරණය කරන්න ඉඩදීලා මම පැත්තකට වෙනවා..හරි තීරණය අරන් මට කියන්නකෝ.. ඒ අතර මාත් මම ගැන හිතන්න ඕන කියන හැගීමට ඉඩක් වෙන් කරන්න හිතුවා

ඉතින් නිදහසේ හිතුවාම හිතෙනවා මට මොනවද අඩු...ඇයි මේ මම දුකින් කියලා.🤷
දකින බලන ඕනම කෙනෙකුට හිතෙන දෙයක් තමයි "පුහ් එයාට නම් හැම දෙයම තීනවා නේද .ඉරිසියා හිතෙනවා කියලා "
ඔව් ඒක හරිම සාධාරණයි.මොකද මට හුගක් දේවල් තියෙනවා .කෙනෙක් තියෙන්න කියලා ලැබෙන්න උදේ හවා දෙවියන් බුදුන් ලග වැද වැටිලා ඉල්ලන හුගක් දේවල් මගේ වෙලා මම ගාවම තියෙනවා.💃
හොද අම්මෙක් තාත්තෙක් නංගි බබෙක් එක්ක මගේම කියලා පවුලක් මට තියෙනවා .ආදරය ,සෙනෙහස රැකවරණය පිරැනු පවුලක් .👨‍👩‍👧‍👦ලබපු උසස් අධ්‍යාපනයට බදු ගෙවපු ලාංකීය වැසියන්ට ස්තුතියි කියන අතරම රටේ පිලිගන්නා රස්සාවක් කඩ ඉම් විභාගය වල පිහිටෙන් කරන්න තරම් වාසනාවන්තියෙක් තමයි මම . 👩‍💻වායුසමීකරණය කරන ඔෆීසියක වැඩ කරන මට මොන ප්‍රශ්න ද කියලා ඇහුවොත් රස්සාව අට පහ රාමුවෙන් එලියට ගිය එකක් කියලා කියුවාම දන්නෝ ඉතින් දනිති තමයි ඒකේ රග.🙊
අවුරුදු බර ගානක කුලුදුල් ආදර කතාවම විවාහ ජිව්තයකට ගෙනියන්න පුලුවන් වුන මම මගේ ආදරණීය දිල්ගේ බිරිඳ වෙලා.😍
අද වෙද්දී එයාගේ පවුල මගේ වෙලා.අම්මා තාත්තා මල්ලි කියන ඒ ලස්සන  පවුලේ මටත් ඉඩක් ලැබිලා...👨‍👩‍👧‍👦
ඔව් මට මොනවද අඩු....🤷

මිනිස් හිත හරියට හුරු කරලා නැත්නම් අපි හොයන්නේ ම අපිට නැති දෙයක්.තීන තරමට දශමයක් හරී වැඩියෙන් තව ටිකක්..🤦
මටත් වෙලා තියෙන්නේ ඒකම තමයි ..ඒක මම තේරුම් ගත්තට මේ උඩු යටි හිත් තේරුම් ගන්නත් එපැයි .එහෙම හිතලා ඒ දෙන්නට සද්දයක් දාන්න ලේස්ති වෙනකොට එයාලා දෙන්න සටන් විරාමයක් දාලා සාම ගිවිසුම් ගහලා.👬
ඉතින් කොන්දේසි සෙට් එකේ ප්‍රධානම කීපයක් බැලුවාම මට තේරුම් ගියේ ඒ ටික මට සතුටින් ඉන්න හොදටම ඇති කියලා..ඒවා තමයි සැම වෙලාවෙම කැමති දේ හරි දේ කරන්න.සතුටින් ඉන්න.කේන්ති නොගෙන ඉන්න.පීඩනය අඩුවෙන්ම ඔලුවට ගන්න කියන කොන්දේසි .🙏
හරි මම එකගයි ඔයාලා දෙන්නා එක්ක.
එහෙම නම් 21 සියවසේ 2 දශකය ඒ විදියට අරඹමු.සතුට විතරමයි ජීවිතයට..❤❤



Comments

  1. සතුට විතරමයි ජීවිතයට.... ඒකට නම් හිත ගියා.😍

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..සතුටම ලං වේවා

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න