මම මම වීම


හරියටම අදින් දින 587 කට කලින් හිටිය මම ආයෙමත් ම මම විදියට එනවා නම් , නැතිවෙච්චි ගොඩරියක් දේවල්  ආයෙමත් මගේ ජීවිතයට එනවා නම් , මම " plz help me" හරී "plz support me" හරී නොකියා මගේ වැඩ මමම කරගන්නවා නම් , අඩන්න ඕන වෙලාවල හිනාවෙලා හිනාවෙන්න ඕන වෙලාවල උඩ පැනපැන හිනා වෙලා ඉන්නවා නම් , බැහැ නැහැ නොකියා YES I CAN සිතුවිල්ලේ ඉන්නවා නම්, .......................
ඔව් එදා මම ගාව හිටිය මම අද මම ගාව නැහැ..ඒකීට රිදෙන්න ඕන තැන් වලටම රිදුනා..රිදෙන හැම මොහොතකදිම රිද්දවපු අයට රිදේවි කියල  මම හිතන් හැසිරුන විදියට රිදිලා තියෙන්නේ මටමයි...
ඒත් මම වෙනස් වෙන්න තීරණය කරා..අද නෙවෙයි ටික දවසක ඉදන්..ඒත් වේදනාවල් දැනෙද්දී ඇගයුමක් නැති වෙද්දී මට අමතකම වෙලා ගියා මම ආයෙමත් මම වෙන්න හිතුවා කියලා .ඒක එක ස්වප්නයක් ,මොහොතක සිතුවිල්ලක් විතරක් වෙලා තියෙද්දි  , මට ඉස්සර හිටපු මාව මතක් කරන්න ඒ හිටපු මගේ වටිනාකම අදට වඩා එදා හුගක් වැඩි බවත් එදා හිටිය මම ආයෙමත් නැවිදින් හිටියොත් මගේ ජීවිතයේ හුගක් පසුතැවීම් සිදු වෙන එක නවත්වන්න බැරි බවත් හිතේ ගැඹුරටම කතාකරලා තේරුම් කරවන්න අද පුලුවන් කම ලැබුනා..
මම මේ සිතුවිලි ගලපන්නේ එදා හිටිය මම ගේන්න ගොඩරියක් දුක් විදින්න වෙන බවත් ඒක මේ කජු කනවා කිරි කනවා හරී ලේසි වැඩක් නොවන බවත් දැන දැනමයි.ඒවගේම මේ සටහන තියන්නෙ මටම මතක් කරවන්න විතරයි මම කල යුතු දේ...
ඔයාලා මාව දැනන් හිටියේ මීට දින 587කට කලින් නම් මම එයා වෙන්නයි හදන්නේ.දින 587කට මෙහා කාලයේ හිටිය මම සම්පූර්ණයෙන්ම මගෙන් යවන්න තරම් කොන්දක් තියෙන මනුස්සයෙක් විදියට මට කිසිම හැකියාවක් නැති නිසා එදාට පස්සේ මාව දන්න අයටත් මගෙන් ලොකු අසාධාරණයක් වෙන්නේ නැහැ .
සමහර සිතුවම් කුරුටු ගැම කල නොහැකි වුවත් මට එදා මා ප්‍රිය කරන සිතුවම මෙදා ප්‍රතිසංස්කරණය කරන්නට වෙර දරමි මම...
තුති මා දරා ගන්නා සැමටම..............❤


Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න